විභාග සමත් උගතුන් ගැන අධිතක්සේරුවෙන් පම්පෝරි ගහන ජෙප්පෝ දන්නේ නෑ විජේවීර රුසියාවේ ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුනේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන කියලා(රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට බඳව ගත්තේ එම මට්ටමෙන් )..

ඒ වගේම ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් රුසියාවට යවන ලිස්ට් එකෙන්, විජේවීරට තල්ලුව දුන්න..හේතුව තමයි විජේවීරගේ තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්, ඒ වගේම ඒ කාලේ හක්මන අතුරු මැතිවරණයකදී UNP, මාතර සී. ඒ. ධර්මපාලගේ මැරයන් විසින් පහර දීල විජේවීරගේ තාත්තාගේ කොන්ද කැඩුව.. ඔත්පල වුනා.. ඒ සම්බන්ධය නිසා විජේවීරට චාන්ස් එක දුන්න ( මේවා හැමෝම දන්න දේවල්, නමුත් ගොබ්බ ජෙප්පෝ, මාලිමාවෝ දන්නේ නෑ )

එදා UNP මැරයෝ වුනේ දික්වැල්ලේ ජිනදාස වීරසිංහ ( වීරසිංහ හින්නිමහත්තය/ ගංජා හුටන් නමින් ප්‍රසිද්ධ වෙලා 1977 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනය දිනලා පාර්ලිමේන්තු ආව.. නිර්භීත පුද්ගලයා.. තංගල්ල ආසනයට විශාල සංවර්ධනයක් කරපු පොදු ජනතාවගේ මිනිහෙක් වුනා.. 1987 ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ දවසේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහපාරේ මරලා දානවා ජවිපෙ විසින් )

අද මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ යනු එම දික්වැල්ල වීරසිංහ පවුලේ දරුවෙක්..( දික්වැල්ල පිහිටා තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ මූද අයිනේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මායිමේය..ඩලස්ගේ ගමත් දික්වැල්ල අවට )

රෝහණ විජේවීර සාමාන්‍ය පෙළ විභාගය සමත්වුනේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවෙක් ලෙසය. ( විජේවීර මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර/ දෙවුන්දර,ගන්දර, කෝට්ටගොඩ, දික්වැල්ල අසන්නයේ පිහිටි ගොඩඋඩ පාසලේ )

විජේවීර ජීව විද්‍යා අංශයෙන් ලංකාවේ උසස් පෙළ
විභාගය සමත්වුනේ නෑ ( එම විභාගය කෙරුවෙත් නෑ )
ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබන්නට උසස් පෙළ, ජීව විද්‍යා අංශයේ ඉහළම ලකුණු ගන්න ඕන ( එදත්, අදත් එහෙමයි )

.වරුණ රාජපක්ෂ fb ලිව්වා.. නන්දලාල් ගැනත් ලිව්වා

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න