ලෝක උරුම ලෝක පූජිත බෞද්ධ සිද්ධස්ථානයක් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය හා ඉපැරණි ජන සමාජය සම්බන්ධව බොහෝ විද්වතුන්ගේ අවධානයට හා ගෞරවාදරයට පාත්‍ර වූ ස්ථානයකි.

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිදුවා තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙසද අතීතයේ මෙරට විසූ රජවරු පමණක් නොව මෙරට පාලනය නතුකර ගත් විදේශික රාජ්‍ය පාලකයන්ද ශ්‍රී දළදා මාලිගාව කෙරෙහි විශාල ගෞරවයක් දැක්වුහ. ඔවුන් පුද පූජා ආගමික වතාවත් පවත්වමින් රැකබලා ගත්තේද ශාසන ලැදිව බව නොරහසකි.

නමුත් මෙම සුපිරිසිදු කිරි කලයට ගොම බින්දුවක් වැටුණාක් මෙන් දැන් අද ශ්‍රී දළදා මාලිගාව ෆොටෝ ෂූට් එකක් විදියට භාවිතා කරලා. කරුණාකරලා ඒ සඳහා එම පුදබිම එයට ඉඩ දීම ගැන කණගාටුයි.

තවත් කාරණාවක් සිහිපත් කළ යුතුමය. එනම් දළදා මාලිගාවේ තිබෙන ධාතු කරඬුව මැති ඇමතිවරුන්ගේ හිස මත තබා ඔවුන්ට ආශිර්වාද කරන අයුරුද අපි දැක ඇත්තෙමු. එවන් උතුම් ධාතු කරඬුවක් කිසිදු පුද්ගලයකුගේ හිස මත තැබීම සිදු නොකළ යුතුය. මෙයට වග කිව යුතු දේශපාලඥයන් සැමදෙනාගේ ද හා මහනාහිමිවරුන්ගේද අවධානය යොමු කිරීමත් හා අවබෝධයෙන් යුතුව කටයුතු සිදුකිරීමත් කළ යුතුවේ.

කරුණාකරලා මෙයට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ දෙනෙත් හා අවධානය යොමුකොට මෙයට අදාළ නිසි පියවර ගැනීමත් හා මින් මතුවට මෙවන් දෑ සිදු නොවීමට වග බලා ගත යුතුය.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිෂ්චන්ද්‍ර

*මහනුවර ශ්‍රී දළදා මාලිගාව photo shoot එකක් විදියට භාවිතා කරලා* ලෝක උරුම ලෝක පූජිත බෞද්ධ සිද්ධස්ථානයක් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය හා ඉපැරණි ජන සමාජය සම්බන්ධව බොහෝ විද්වතුන්ගේ අවධානයට හා ගෞරවාදරයට පාත්‍ර වූ ස්ථානයකි. ශ්‍රී දළදා වහන්සේ වැඩ සිදුවා තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙසද අතීතයේ මෙරට විසූ රජවරු පමණක් නොව මෙරට පාලනය නතුකර ගත් විදේශික රාජ්‍ය පාලකයන්ද ශ්‍රී දළදා මාලිගාව කෙරෙහි විශාල ගෞරවයක් දැක්වුහ. ඔවුන් පුද පූජා ආගමික වතාවත් පවත්වමින් රැකබලා ගත්තේද ශාසන ලැදිව බව නොරහසකි. නමුත් මෙම සුපිරිසිදු කිරි කලයට ගොම බින්දුවක් වැටුණාක් මෙන් දැන් අද ශ්‍රී දළදා මාලිගාව ෆොටෝ ෂූට් එකක් විදියට භාවිතා කරලා. කරුණාකරලා ඒ සඳහා එම පුදබිම එයට ඉඩ දීම ගැන කණගාටුයි. තවත් කාරණාවක් සිහිපත් කළ යුතුමය. එනම් දළදා මාලිගාවේ තිබෙන ධාතු කරඬුව මැති ඇමතිවරුන්ගේ හිස මත තබා ඔවුන්ට ආශිර්වාද කරන අයුරුද අපි දැක ඇත්තෙමු. එවන් උතුම් ධාතු කරඬුවක් කිසිදු පුද්ගලයකුගේ හිස මත තැබීම සිදු නොකළ යුතුය. මෙයට වග කිව යුතු දේශපාලඥයන් සැමදෙනාගේ ද හා මහනාහිමිවරුන්ගේද අවධානය යොමු කිරීමත් හා අවබෝධයෙන් යුතුව කටයුතු සිදුකිරීමත් කළ යුතුවේ. කරුණාකරලා මෙයට වගකිවයුතු සියලු පාර්ශ්වයන්ගේ දෙනෙත් හා අවධානය යොමුකොට මෙයට අදාළ නිසි පියවර ගැනීමත් හා මින් මතුවට මෙවන් දෑ සිදු නොවීමට වග බලා ගත යුතුය. මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු කොලින් හරිෂ්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න