මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසයි. මෙම විවාදය සඳහා “නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල්“ සංවිධානය විසින් නම් කරනු ලබන “ප්‍රධාන අපේක්ෂකයන්“ වනුයේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ජතවඅනුර කුමාර දිසානායකථ, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ ආරියේන්ද්‍රන් යන ජනාධිපති අපේක්ෂකයන් ය. මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් අපට ප්‍රශ්න කීපයක් අසන්නට තිබේ.

ඉන් පළමුවැන්න, ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින අපේක්ෂකයක් 39 දෙනා අතුරින් ඉහතකී 6 දෙනා ප්‍රධාන අපේක්ෂකයන් ලෙස තෝරගන්නේ කවර නිර් නායක මතද යන්නයි. කුමන පදනමක් මත වුවද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා තම උගුර කට ගිරිය කඩා ගන්නා ෆැපරල් ලොක්කා අපේක්ෂකයන් අතුරින් පිරසකට වැඩි සැලකිල්ලක් දැක්වීමම නිදහස් හා ස්වාධීන මැතිවරණයක් සඳහා ඇති ඉඩකඩට එහි මුර බල්ලකුම බුරා පැනීමකි. එසේත් නොමැති නම්, මැතිවරණ නිරීක්ෂණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් යමක් කමක් උපයා සපයා ගැනීම සඳහා පොඩියට කාට හෝ කඩේයෑම ඇරඹීමකි. ම‍ෙමගින් පැෆරල් ආයතනයේ පක්ෂග්‍රාහී බව මැනෙවින් විද්‍යාමාන වේ.

මල්ලෙන් පැෆරල් බළලා එලියට පැන තිබේ. ඇත්තෙන්ම ඔහු කළ යුතුව තිබුනේ එවන් වේදිකාවක් තනා සියලු අපේක්ෂකයන්ට විවෘතව ආරාධනා කිරීමය. එසේ කලානම් යටත් පිරිසෙයින් එවැනි විවෘත සංවාදයකට පැමිනෙන්නට තරම් ප්‍රමාණවත් දේශපාලන පෞරුෂයක් ඇති ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනෙකු හඳුනාගන්නට ඉඩ තිබිනි. එහෙත් එවැන්නක් කිරීම පසෙකලා රෝහණ හෙට්ටිආරච්චි මහතා සිදුකරන්නේ සිය අගතිගාමීත්වය ප්‍රදර් ශනය කිරීමයි.

මේ සම්බන්ධයෙන් ඔබ සියලුදෙනාගේ විරෝධය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සුදත් ජයසිංහ (ජාතික සංවිධායක – ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)
ආචාර් ය චමිල ලියනගේ (මධ්‍යම කාරක සභික – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න