මාධ්‍ය ලේකම් සීදේශ් රංගන
අපි මේ වගේ මාධ්‍ය හමුවක් තියන්න අදහස් කළේ තේ කරළිය ප්‍රාසාංගික කලාකරුවන් කරළියට ගෙන තිරය පිටිපස්සේ ඉන්න සංවිධායකවරුන් වෙනුවෙන්. මොකද කලාකරුවන් රාශියක් ඉන්නවා ජනප්‍රියයි ජනකාන්තයි ඒගොල්ලෝ තමයි තිරයේ ඉස්සරහා ඉන්නේ නමුත් එයාලා තිරිය ඉස්සරහට ගේන සංවිධායක පිරිසක් ඉන්නවා තිරය පිටිපස්සේ එයාලා වටිනාකම වෙනුවෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ

විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉස්සරහට එන්නේ ඉස්සරහට එන්නේ මැතිවරණ සමය මේ සංවිධායකවරු කියන පිරිස අද වෙනකන් මං හිතන්නේ කිසිම කෙනෙක් බැංකු ණය දාලා නෑ. එතකොට රජයෙන් කිසිම සහනාධාරයක් බලාපොරොත්තු වෙලා නෑ මාසෙක දෙක තුනකට සැරයක් හෝ මාසෙකට සැරයක් ලංකාවේ කොහේ හරි අස්සක මුල්ලක සංගීත ප්‍රසංගයක් එහෙම නැත්නම් සැණකෙළියක් කරලා ඒකෙ ලැබෙන ආදායමෙන් තමයි මේ සංවිධායකවරුන්ගේ දරු පවුල් ජීවත් වෙන්න එතකොට මේ සංවිධායකවරයෙක් සංගීත ප්‍රසංග හෝ සැණකෙළියක් කරනකොට ඒකෙන් යැපෙන සෑහෙන පිරිසක් ඉන්නවා මම හිතන්නේ කිසිම කෙනෙක් හිතන්නේ නැතුව ඇති සමහර විට වේදිකා තනන අය වට ආවරණ නිර්මාණය කරන අය ස්ටේජ් එක ගහලා කවරින් කළාට පස්සේ ඊට පස්සේ තියෙනවා කටඅවුට් පෝස්ටර් ගහන අය ඩිජිටල් ප්‍රින්ටින් කරන අය ඊට පස්සේ සංගීත කණ්ඩායම් නිවේදන කටයුතු ප්‍රසංගයක් පැවැත්තුවොත් ඊට එහාට ගියහම තවත් මිනිස්සු නොදන්න දෙයක් තියෙනවා එතකොට වෙළඳ ප්‍රජාව මේ සැණකෙළි සංගීත ප්‍රසංග තුළින් වෙළඳ ප්‍රජාව සෑහෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ එතකොට කැන්ටින් කරන අය එතකොට විනෝද ක්‍රීඩා කරන අය එතකොට අපි සාමාන්‍යයෙන් හිතනවා මේ සංගීත කලාවෙන් කොච්චර යැපෙනවද කොච්චර ජීවත් වෙනවද ලංකාවේ සංගීත කණ්ඩායම් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. මිනිසුන්ගේ පවුල්වල බැලුවොත් එතන ඉන්නවා 70ක් විතර ඒ වගේ ගත්තම මේ එක්කෙනෙක් මේ කලාවෙන් ජීවත් වෙන අය
අපි සංගීත ප්‍රසංගයක් ආරම්භ කරන්න ඉස්සෙල්ලම ප්‍රාදේශයක් ගන්න ඕන එම ස්ථානයේ අවසර ගන්න ප්‍රමාණයක් තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් අපි මේ අවස්ථාවේදී අහනවා, රටේ මැතිවරණයක් වෙනවයි කියලා රටේ අනිත් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග නවත්තන්න ඕනිද කියලා මැතිවරණයක් යනවා කියලා රටේ අනිත් සේවාවන් අනිත් රාජකාරී ඔක්කොම නවත්වන්න ඕනද කියලා එකක් තියෙනවාද
ඉතින් ඒ වගේ තමයි එතකොට එහෙම නැවැත්තුවොත් එතකොට අපි මේ සංගීත ප්‍රසංග කරලා රජයෙන් අපිට ලැබෙන ලොකු අස්වැසිල්ල මොකක්ද .

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න