අදේශපාලනික අරගල අරාජිකත්වයෙන් නිමා වනු ඇත.

ලංකාවෙ අරගලය අරාජිකත්වයට පත් කිරිමට රස්තියාදුකාර මහින්ද රාජපක්ෂ මැරයා විසින් තම තගරි ලුම්පන් පාදඩයන් හරහා ගන්නා ලද උත්සහය පලමු පැයේදිම පරාජය කිරීමට ජනතාව සමත් විය.

තමන්ට එල්ලවූ ප්‍රහාරයට රිදෙන්නට ජනතාව විසින් ප්‍රතිප්‍රහාර එල්ල නොකරුවේ නම් එදා අරගලකරුවන්ට දැවැන්ත රාජ්‍ය මර්ධනයකට සහ මැර තර්ජනයකට මූහුණ දීමට සිද්ධවිය හැකිව තිබුනි.

බංග්ලාදේශ අරගලයට ශ්‍රි ලංකාවෙ අරගලයට වඩා මර්ධනයක් පාලක ඒකාධිපතිනිය මුදා හරින ලදි. ඇයට සිටි විශ්වාසවන්ත මිතුරා වන ඉන්දියාවට පවා මැදිහත් වී ඇය බේරා ගන්නවා හැර ජන අරගලයට ඔව්නට මැදිහත් විමට නොහැකි විය.

ලංකාවෙ පලවා හරින ලද ජනාධිපතිවරයා යුධ අපරාද චෝදනා සහිත සහ තම පවුලෙ කකුල් මාට්ටු වලට මැදිවි නොසිටියේ නම් ලේ පිපාසිතයෙකු වූ ඔහුගෙ මර්ධනය වඩා කුරිරු වීමට ඉඩ තිබිනි.

කෙසේ හෝ බංගලාදේශ තව දුරටත් ජනතා නැගිටීම් මිලිටරිය යොදා මර්ධනය කල නොහැකි බවට අත්දැකීමක් පාලකයන්ට ලබා දෙන ලදි.

අද බංගලාදේශ ශිෂ්‍ය ව්‍යාපාරය රජයෙ පරිපාලනයට හවුල් වී ඇත. ඉන්දියානු මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ආගම්වාදි ගැටුම් යනු හුදු මුසාවන් බව ආගමික ස්ථාන වලට ආරක්ෂාව යොදා ඇති අරගල කරුවො පවසති.

සික් හෂීනාගෙ අත්වල ලේ ගැන කථා නොකර සමහර තොත්ත බබාලා විසින් හෝටලයක මියගිය කිපදෙනෙකු ගැන මහා විශාල සෝක ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන ඇත.

එය හරියට අරගලකරුවන්ට යකඩ බඩ වලින් පහර දී අතපය කැඩු එවුන් සාධාරණිකරණය කර වරකාපොල මිය ගිය මංත්‍රිවරයා මාර්කට් කිරීමට සමානය.

කෙසේ හෝ දකුණු ආසියාවෙ ආර්ථික අර්බූදය විසින් දිගින් දිගට ජන අරගල පොලා පන්නනු ඇත.

ලංකාවෙ අප පාවා දෙන්නන් නිසා නොලද ජයග්‍රහණයක් බංග්ලාදේශ අරගලය දිනා ගන්නා ලදි.එනම් පාර්ලිමේන්තුව විසුරුවා අන්තර්පාලනයකට මග පාදා ගැනීමය.

දැන් අප මේ ආසන්න අරගල අවස්ථාවන් දෙකෙහිම පැන නැගුන සෘනාත්මක කාරණාව සාකච්චා කල යුතුය.

එනම් Z Gen හෙවත් අලුත් තරුණ පරපුර තෝරාගෙන ඇති අවිහිංසාවාදි අරගල රටාවට වහාම වාමාංශික දේශපාලන ඔළුවක් සවි නොකිරීමය.එසේ ජන අරගල වලට අවශ්‍ය දේශපාලන මග පෙන්වීම අත්‍යාවශ්‍ය බව වෝල් ස්ට්‍රිට් සහ යෙලො වෙස්ට් අරගල අරාජිකවාදින් අතට පත් වීමෙන් ඔප්පු විය.

වඩා වාමාංශික වූ දෙශපාලන මග පෙන්වීම විසින් අපට ඕනම අරගලයක් අවසානයෙ අරාජිකවාදින්ට අවස්ථාවාදි ලෙස ක්‍රියාත්මක වීම වැලක්විය හැකි අතර වඩා භයානක වන තවත් ධනේශ්වර අවස්ථාවාදියෙකුට හෝ මිලිටරියකට බලය හුවමාරු වීම වැලක්වීමට හැකි වේ.

ඒ සඳහා ඉතා ඉක්මනින් දකුණු ආසියාතික වාමාංශික පක්ෂ කුඩා වෙනස් කම් අමතක කොට ශිෂ්‍ය ව්‍යාපාරය පදනම් කරගෙන සමාජවාදය ඉලක්ක කොට ගත් පුළුල් සංධානයක් ගොඩ නැගිය යුතුය.
එය දකුණු ආසියාතික සමාජවාදි සංධානය හෙවත South Asian Socialist Alliance (SASA) ලෙස නාමකරණය කිරීම හරහා Z Gen එක ආකර්ශනීය කර ගන්නා සමාජවාදි ආසියාවක් ඉලක්ක කර ගන්න පුළුල් සහයෝගිතාවයක් වනු ඇත.

ඒ වෙනුවෙන් ඔබ එකඟ වන්නේ නම් එහි මූලික අඩිතාලම එක දවසකින් හෝ පසු කිරීම වනාහි පැන නැගීමට නියමිත ඉන්දියානු තරුණ නැගීටිමත් මෙවනිම අවසනායකින් නිමා කිරීම වනු ඇත.
විප්ලවයෙ ගිනි සිළුව ශිෂ්‍ය ව්‍යාපාරය සතු දැවැන්ත වගකීම නම් සමාජවාදි දකුණු ආසියාවක් වෙනුවෙන් පෙරටුගාමි මෙහවර කිරීමයි.

මෙය යුගයෙ දුෂ්කරම අභියෝගය බව නිසැකය. එන්න අපි පලමු කුළුගෙඩි පහර ගසමු.

සමාජවාදී දකුණු ආසියාවක් වෙනුවෙන් …

දකුණු ආසියානු සමාජවාදී සංධානය-
SASA

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න