නව තානාපතිවරයන් හය දෙනෙක්, මහ කොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන්  දෙදෙනෙක්  සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත්කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ  උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ  නිර්දේශය ලබා දී තිබේ.

ඒ අනුව ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.ඒ.පී.පී. සේරම් මහත්මියගේ නමද, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා  තානාපතිවරයා ලෙස ආර්.එස්.කේ අසාර්ඩ් මහත්මිය‍ගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

එමෙන්ම රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.කේ. ගුණසේකර මහත්මියගේ නමද, ඊජිප්තු අරාබි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.කේ. සෙනවිරත්න මහතාගේ  නමද  උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

තවද  ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එන්.එම් ෂහීඩ් මහතාගේ නමද, බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වයි.කේ. ගුණසේකර මහත්මියගේ නමද, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්.පී වල්පිට ගමගේ මහතා නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

එයට අමතරව, පරිසර අමාත්‍යාංශයේ  නව ලේකම්වරයා ලෙස  බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා  පත් කිරීමට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස්. වීරසිංහ මහතා  පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ.

තවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ආචාර්ය ඩී.ටී.කේ. බර්නාඩ්   මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ ලබා දී තිබේ.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට,කාරක සභා සාමාඡික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ජෝන් සෙනවිරත්න, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු රිෂාඩ් බදියුදීන්, ගරු තලතා අතුකෝරළ, ගරු උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න