පනත් කෙටුම්පත් වල සහතිකය සටහන් කිරීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 ජූලි 26 දින “සමාධි, භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)” සහ 2024 අගෝස්තු 02 දින “සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” හා “මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත්වල සහතික සටහන් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කාරක සභා සඳහා සාමාජික මන්ත්‍රීවරයන් නම් කිරීම
සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, 2024 ජූලි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා ගරු ඒ. එච්. එම්. ෆවුසි, ගරු (මහාචාර්ය) චන්න ජයසුමන, ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු වඩිවේල් සුරේෂ් , ගරු එස්. සී. මුතුකුමාරණ, ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ගරු සුමිත් උඩුකුඹුර, ගරු සංජීව එදිරිමාන්න, ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ, ගරු මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා දැනුම් දුන්නේය.
සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධානයන්හි කුමක් සඳහන් වුවද, 2024 ජූලි 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ, ගරු (මහාචාර්ය) චන්න ජයසුමන, ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, ගරු කරුණාදාස කොඩිතුවක්කු, ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති, ගරු කෝකිලා ගුණවර්ධන , ගරු කුලසිංහම් තිලීපන්, ගරු සුදත් මංජුල, ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, ගරු මර්ජාන් ෆලීල්, ගරු ජගත් සමරවික්‍රම, ගරු වීරසේන ගමගේ යන මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2024 අගෝස්තු 02 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බවද කථානායකවරයා නිවේදනය කළේය.