වෘත්තිය සමිති ආඥා පනත කියන්නේ ශ්‍රම බලකායට මහා හයියක් දුන්න එකක් කියල හිතාගෙන හිටියට, ඒක එහෙම එකක් නෙවෙයි. වෘත්තීය සමිතිවල ඇත්ත හයිය තියෙන්නේ හැමෝටම එක එකට එකතු වෙලා, එක අදහසක් වෙනුවෙන් කේවල් කරන්න තියෙන සමගිය ඇතුළේ විතරයි.

ලංකාවේ දුර්වලම වෘත්තීය සමිති ව්‍යාපාරය තියෙන්නේ මාධ්‍ය ශ්‍රමිකයන්ට. මාධ්‍යවේදය කියන එක, වෘත්තියක් විදිහට ගොඩනැගිලා නැතිකම ඒකට ප්‍රධාන හේතුවක්. අපේ රටේ ඕනේ කෙනෙකුට මාධ්‍යවේදියෙක් කියලා තමන්ව හදුන්වා ගන්න පුළුවන්. ටිකක් වයසට ගියහම ‘ජෞෂ්ඨ මාධ්‍යවේදියා’ කියලා හදුන්වා ගන්නත් පුළුවන්. ඒකට අදාළව මූලික දැනුමක් අධ්‍යාපනයක් නිශ්චිත වෙලා නැතිකම නිසා සංවිධානය වෙන්න ආකෘතියක් හැදෙන්නේ නෑ. හැබැයි ඒ අකෘතිය හදා ගන්න පුළුවන් වෙන්නෙත් අමාරුවෙන්හරි සංවිධානය වුණොත් විතරයි.

මාධ්‍ය ශ්‍රමිකයන්ට මොන ප්‍රශ්න තිබුණත්, තමන්ගේ අයිතිවාසිකම් පැත්තෙන් ගත්තහම, ඔවුන්ට බොහෝ විට කේවල් කරන්න වෙන්නේ ආණ්ඩුව එක්ක නෙමෙයි. ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල වුනත්, කේවල් කිරිල්ල සහ පීඩාවට පත් කිරිල්ල කියන දෙකම තියෙන්නේ බලයට පත්වෙන පක්ෂයට අදාළව හදාගත්ත වෘත්තීය සමිති දෙකක් හෝ තුනක් ඇතුළේ විතරයි.

ගොඩක් අය නොදන්නවා උනාට, වෘත්ති සමිතියක් හරියට හැදුනහම ශ්‍රමිකයන් සංවිධානය වෙනවාට එහා ගිය, වෘත්තීමය භාවය සංවිධානය වීමකුත් වෙනවා. ඒකෙන් පිට පනින අයට, සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ගොටු අල්ලන අයට තියෙන ඉඩ නැතිවෙනවා. ඒක ඇතුළෙ තමයි ගොඩක් වෙලාවට සාධාරණය සහ සංවර්ධනය ඇතිවෙන්නේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න