#

system එක යනු පවතින ක්‍රමයයි.
පවතින ක්‍රමය යනු කුමක්දැයි හඳුනාගනිමු.
නිශ්චය කරගනිමු.

පවතින ක්‍රමය යනු:-
1)
බලය ඇති එකා ඇති තරම් බෙදා ගැනීමයි.
2)
බලය ඇති ඇති හැටියට බලය ඇති ප්‍රමාණය අනුව හැම එකාම තමන්ට ඇති තරම් බෙදා ගැනීමයි
3)
බලය ඇති එවුන් විසින් තීරණය කරන ප්‍රමාණය අනුව බලය නැති එවුන්ට බෙදා දීමයි
4)
බලය නැති එකාට බෙදා ගැනීමට ඇති අවස්ථා අහිමි කිරීමයි.
අහිමිවීමයි.

මේ පිළිබඳව අපි සංවාදයක් ගනිමු. සාකච්ඡා කරමු .
නිරවුල් කර ගනිමු.
එකඟතා ඇති කරගනිමු.
මෙය වෙනස් කිරීම සඳහා වැඩ කරමු.

system change යනු ඉහත පවතින තත්ත්වයන් වෙනස් කිරීමයි. මුළුමනින්ම වෙනස් කිරීමයි.
ඒ කියන්නේ ………
Aunty establishment theory එක අනුව සමාජය මුළුමනින්ම කණපිට පෙරලීමයි.
මේ සඳහා……..
1)
එක එකාට හෝ,
කල්ලි කණ්ඩායම් වලට හෝ,
පක්ෂ වලට හෝ පාට වලට හෝ ,
කුල ගෝත්‍ර වලට හෝ ආගම් වලට හෝ ,
බලය යාම නතර කළ යුතුයි.
බලය ජනතාව සන්තක කළ යුතුයි.
2)
බලය ජනතාව සන්තක කිරීමට අප සමත් වුවහොත්,
පොදුවේ බලය ඇති පරිදි රිසිසේ බෙදා ගැනීම සහ බලයෙන් බෙදීම අහෝසි වනු ඇත.
3)
එවිට පමණක් අවශ්‍යතාවය අනුව අවශ්‍ය තැනැත්තන්ට අවස්ථා හිමිවනු ඇත.
4)
එවිට පමණක් මේ දේශය තුළ පතිරූප දේශයක් නිර්මාණය වනු ඇත.
5)
ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුලංගනීය ව්‍යවස්ථාවන් වන 1,2,3,9,10,11, යන ව්‍යවස්ථාවන් ද 12,13,14, යන මූලික අයිතිවාසිකම් වලට අදාල ව්‍යවස්ථාවන්ද ,
ලිඛිත හෝ අලිකිත පැරණි ව්‍යවස්ථාවන් නීති බවට පත්කරන16 වන ව්‍යවස්ථාවද,
27,28 රජයේ ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් වලට අදාල ස්ථාවන්ද මගින් පොදු ජනතාව වෙත බලය පවරා ඇත.
6)
මේ අතරිනුත් අනුල්ලංඝනීය ව්‍යවස්ථාවන් සුවිශේෂී වන්නේය.
කවර තත්ත්වයක් යටතේ වත්, කිසිවෙකුට ත්,
කවර හේතුවක් නිසාවත් ,
මෙම ව්‍යවස්ථාවන් උල්ලංඝනය කළ නොහැක්කේය.
කන්ඩනය කළ නොහැක්කේය.
ජනාධිපතිවරයාට,
අමාත්‍ය මණ්ඩලයට ,
රජයට,
ආණ්ඩුවට හෝ රාජ්‍ය නිලධාරීන්ට වුවද ,
මෙම ව්‍යවස්ථාවන් කණ්ඩනය කිරීමට අවශ්‍ය නම්,
උල්ලංඝනය කිරීමට අවශ්‍ය නම්,
ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සමඟ ජන මත විචාරණයකින් ද ඒ සඳහා ජනතා අනුමැතිය ලබාගත යුතුය.

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය හා සෑම තරාතිරමකම මන්ත්‍රීවරු න් දිවුරුම් දී තියෙන්නේ,
බැඳී තියෙන්නේ,
වග වී තියෙන්නේ,
වග කියන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂා කිරීම සඳහා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිවි දෙවැනිකොට ආරක්ෂා කිරීම සඳහායි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ද රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ද දිවුරුම් දී තියෙන්නේ.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ,
ඛණ්ඩනය කරන,
නොතකා හරින,
නොසලකා හරින,
පැහැර හරින,
රජයක් හෝ ආණ්ඩුවක් හෝ රාජ්‍ය නිලධාරීන් හෝ ආරක්ෂා කිරීමට කිසිසේත්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය බැඳී නැත.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වගකීම වන්නේ :-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හරින ,
නොතකා හරින,
කන්ඩනය කරන,
උල්ලංඝනය කරන ,
පැහැර හරින සියලු දෙනා අත්අඩංගුවට ගැනීමයි .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ජනතාවට උපකාර කිරීමයි. සහාය දීමයි.

මේ පිළිබඳව අපි ඔබ සමඟ විධිමත් සංවාදයක් අපේක්ෂා කරමු .
මෙම සංවාදයට සහභාගි නොවන, සංවාදය පෝෂණය කිරීමට උපකාර නොවන සියලූම ප්‍රසිද්ධ කිරීම් මෙම කෙටි කාලය තුළ අපගේ කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත.

කරුණාකර ඡායා පාර්ලිමේන්තුව පිහිටුවීමට අදාල වන කරුණු පමණක් සාකච්ඡාවට ගනු මැනවි.

ස්තුතියි
උපාලි චන්ද්‍රසිරි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න