රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය දරන ප්රයත්නය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පැසසුමට
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පතෙහි අඩංගු කරුණු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ අනුව, මහජන විශ්වාසය වර්ධනය කිරීම පිණිස කාර්යක්ෂම පද්ධතියක් සකස් කිරීම, කාර්යක්ෂම ලෙස සම්පත් වෙන් කිරීම සහතික කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයට සහාය වීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය දරන උත්සාහය පිළිබඳව කාරක සභාවේ ප්‍රසාදය හිමිවිය.
වත්මන් මුල්‍ය රෙගුලාසි නෛතික රාමුවක් මත පදනම් වුව ද ඒවා ප්‍රමාණවත් නොමැති බව පැමිණ සිටි නිලධාරීහු කාරක සභාව හමුවේ පැවැසුහ. ඒ අනුව වත්මන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පිළිවෙත්වල ඇති අඩුපාඩු, ආවේනික දුර්වලතා සහ විනිවිදභාවය සහ වගවීමේ ගැටලු හේතුවෙන්, මූල්‍ය විනය ස්ථාපිත කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා බව ඔවුහු වැඩි දුරටත් අදහස දක්වමින් පැවසුහ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමත කරන ලදී.
පවතින රාජ්‍ය මූල්‍ය ගැටලු ආමන්ත්‍රණය කරමින්, අදාළ අංශ කිහිපයක් අතර විසිරී ඇති රෙගුලාසි ඒකාබද්ධ කිරීමට උපකාර වන රාජ්‍ය මූල්‍ය පිළිබඳ නීතියක් පැනවීමට මෙම පනත් කෙටුම්පත මඟින් විධිවිධාන සලසා ඇත. පුළුල් නීතියක් ලෙස මෙය ක්‍රියා කරන අතරම, එය මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය රාමුව (MTFF) පිළිබඳ නිශ්චිත අන්තර්ගතයන් සඳහා අවශ්‍යතා ද සකසයි. තවද, මෙම පනත් කෙටුම්පත මගින් මධ්‍ය කාලීන මූල්‍ය නැංගුරම ලෙස ප්‍රාථමික ශේෂ ඉලක්කයක් සහ රජයේ ප්‍රාථමික වියදම් සීමාව – නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% නොඉක්මවන ප්‍රතිපාදන ද නියම කරයි.
කෙසේ වෙතත්, COPF සාමාජිකයින් අවධාරණය කළේ ශ්‍රී ලංකාව සඳහා යෝජිත 13% ප්‍රාථමික වියදම් සීමාව ,වර්ධනය, කාර්යක්ෂමතාව සහ සමාජ සුබසාධනය ප්‍රවර්ධනය කරන ආකාරයෙන් බදු සහ වියදම් කිරීමට රජයට ඇති හැකියාවට බාධාවක් බවයි. මීට අමතරව, ප්‍රාථමික වියදම් මත එවැනි අඩු දළ දේශීය නිෂ්පාදිතය මත පදනම් වූ සීමාවක් නියම කළ එකම රට ශ්‍රී ලංකාව බවයි පෙන්වා දුන්නේ. මෙම සීමාවත් සමඟ 2040 වන විට ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීමට අවශ්‍ය 10% ක වර්ධන වේගය ළඟා කර ගැනීමට නොහැකි බව සභාපතිවරයා අවධාරණය කළේය.
තවද, වාර්ෂිකව ණය තිරසාර විශ්ලේෂණයක් සකස් කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම, ඇපකර සීමාව අඩු කිරීම – සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.5% නොඉක්මවීම, රාජ්‍ය ආයෝජන කමිටුවක් විසින් සමාලෝචනය කර නිර්දේශ කළ යුතු ව්‍යාපෘති යනාදී ක්‍රියාමාර්ග ගැනද ඉහත කෙටුම්පතේ සඳහන් කර ඇත.
පසුගිය වසර 50ක කාලය තුළ ආදායම් සම්බන්ධයෙන් කළ උපකල්පන වැරදි බවත්, මෙම විශේෂිත පනත් කෙටුම්පත මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ කෙසේදැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. තවද, එවැනි පනත් කෙටුම්පතක් ණය තිරසාරභාවය කෙරෙහි පමණක් නොව ආර්ථික වර්ධනය කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව සභාපතිවරයා පැවසුවේය. තවද, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) පනත් කෙටුම්පතේ ඉලක්ක ආර්ථික පරිවර්තන පනත සමඟ සමපාත විය යුතු බව ද සභාපතිවරයා පැවසුවේය.
මෙම රැස්විම සඳහා අමාත්‍ය ගරු (ආචාර්ය) සුරේන් රාඝවන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු රවුෆ් හකීම්, ගරු වජිර අබේවර්ධන, සුමන්තිරන්, ගරු එම්.ඒ. ගරු මයන්ත දිසානායක, ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා, ගරු හර්ෂණ රාජකරුණා, ගරු මධුර විතානගේ, ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු දුමින්ද දිසානායක යන මහත්වරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ.