රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පතට සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය

  • දකුණු ආසියානු කලාපයේ රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සකස් කළ පළමු ප්‍රඥප්තිය මෙයයි – සෞඛ්‍යය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත පසුගියදා (09) සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය ලබාදීම සිදුවිය.

ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින්   කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු මයන්ත දිසානායක යන මහත්වරුන් වෙත  පසුගිය 6 වැනිදා ඉදිරිපත් කිරීම සිදුවිය.

මෙම අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනු කමිටුව සහ එහි විද්වත් මණ්ඩලය විසින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ උපදෙස් හා මගපෙන්වීම මත සකස් කොට ඇත. ඒ අනුව මෙම ප්‍රඥප්තිය දකුණු ආසියානු කලාපයේ රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සකස් කළ පළමු ප්‍රඥප්තිය ලෙස සැළකේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න