සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ බොදු සිසු දිනය අළලා ලාංකික ශිෂ්‍ය පරපුරේ දැනුම, ආකල්ප හා නිර්මාණශීලී කෞශල්‍යයන් ඔප්නම්වනු වස් සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය මගින් දීප්ත ව්‍යාප්ත පාසල්හි °ගද්‍ය ප්‍රතිභා  රචනා තරගාවලිය° පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තරග නීති රීති

1.එක් තරග කරුවෙකුට එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි අතර සියලුම ගද්‍ය රචනා පුස්කැප් කොළයක හෝ (A4 ) සුදු කඩදාසි කොලයන් භාවිතා කරමින් පැහැදිලි අත් අකුරින් ඉදිරිපත් කළ යුතුය .

2.පහත සදහන් වචන ප්‍රමාණය පිළිබඳ අවබෝධයෙන් රචනාව ඉදිරිපත් කරන්න .

•කනිෂ්ඨ   – වචන 500 ට නො අඩු
( 6 ,7 ,8  ශ්‍රේණි )

•අන්තර් මධ්‍යම – වචන 750 ට නො අඩු
(9 ,10 ,11 ශ්‍රේණි)

•ජ්‍යේෂ්ඨ – වචන 1500 ට නො අඩු
(12 ,13 ශ්‍රේණි )

03. සියලු නිර්මාණයන් ඔබ පාසලේ විදුහල්පති හෝ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ විසින් ස්වකීය නිර්මාණයක් බවට තහවුරු කළ යුතුය .
04. ගද්‍ය රචනය ලියා ඇති පත්‍රිකාවල කිසිදු ස්ථානයක ඔබේ විස්තර නොදැක්විය යුතු සේම සම්පූර්ණ නම, පාසල,ඉගෙනුම ලබන වසර , උපන්දිනය, දුරකථන අංකයන් හා විදුහල්පති සහතිකය ඇතුළත්ව,
ඔබ විසින්ම සකස් කළ  අයදුම් පත්‍රයක් සම්පූර්ණ කොට රචනාව සමඟ අමුණා එවිය යුතුය.
05.නිර්මාණ භාරගන්නා අවසාන දිනය 2024 ජූලි 20 බව කරුණාවෙන් සළකන්න .

06.විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

07.නිර්මාණ එවිය යුතු ලිපිනය:
ගද්‍ය රචනා තරගාවලිය,
ගරු ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය ,
නො:380 ,
බෞද්ධාලොක මාවත,
කොළඹ 07 .

08.වැඩි විස්තර සදහා පහත දුරකතන අංකයන් සම්බන්ද කරගැනිමට කාරුනික වන්න.
ආකාෂා තරිනි  0707854581
කෞශල්‍යා -0758124406

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න