• මුල් ළමාවිය සංවර්ධනය වැඩි දියුණු කිරීම සදහා වෙනම අධ්‍යාපන ඒකකයක් ස්ථාපිත කර , පෙර පාසැල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කළ යුතුයි.
• දේශපාලන අවශ්‍යතා අනුව අතීතයේ සාම විනිසුරු පත්වීම් ලබා දී තිබුණා, පාතාල නායකයෙකු වු ගෝනවල සුනිල් නැමැත්තාටත් සාම විනිසුරු පත්වීම් ලබාදී තිබුණා. එම තත්වය අපි වෙනස් කළා.
අධිකරණ ඇමති පවසයි
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ̎මුල් ළමාවියට ගෞරවයක් ̎ පෙර පාසැල් ගුරුවරියන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් ලබාදීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් වෙහෙර රජමහා ශාලාවේ ( 12) පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.
පෙර පාසැල් ගුරුවරුන් වන ඔබ කරනු ලබන්නේ ජාතික මෙහෙවරක් බව සදහන් කළ යුතුයි. රටෙි සියලු පුරවැසියන්ට අධ්‍යාපනය සදහා පුර්ව ප්‍රවේශයක් සහතික කළ යුතු බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අයිතිවාසිකමක් ලෙස සදහන් කර තිබෙනවා. පෙර පාසැල් සංකල්පය මොන්ටිසෝරි නමින් ඉතාලියේ ආරම්භ වුණා. මීට වසර 150 කට පෙර හදුන්වා දුන් එම සංකල්පය මේ වන විට ලෝකය පුරා සාර්ථකව දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සදහා හේතු සාධකයක් වී තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන පද්ධතිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැනට පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුතුයි. මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය අනුව බිහි වන්නේ උගතුන් පමණයි. උගතුන් වෙනුවට බුද්ධිමතුන් බිහිවිය යුතුයි. උගත්කම පවතින පුද්ගලයා සතුව බුද්ධිමත් බව නිරායාසයෙන්ම ඇති වෙනවා. පෙර පාසැල් වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් හෝ අංශයක් පිහිටුවිය යුතුයි. දරුවෙකුට වැඩි වශයෙන්ම කිසියම් දෙයක් අවශෝෂණය කර ගත හැකි වයස අවුරුදු හය දක්වා කාල සීමාව බව පර්යේෂණ මගින් තහවුරු වනී තිබෙනවා. ලෝකයේ දියුණු රටවල දරුවන් වයස අවුරුදු දහ අටක් දහ නවයක් වෙන විට උපාධිය සම්පුර්ණ කරනවා . නමුත් අපේ රටේ එහෙම නැහැ. අද ඇතැම් අය විශ්ව විද්‍යාල තුල ගත කරන තත්වය අනුව රැකියා ලබාදීමට ආයතන කැමැත්තක් දක්වන්නේ නැහැ . එම තත්වයන් වෙනස් විය යුතුයි. අපේ රටේ තරුණ තරුණියන් විදේශ ගත වෙනවා. ඊට හේතුව මෙරට තුළ ඔවුන්ට ගැළපෙන රැකියා නොමැතිවීමයි.
පෙර පාසැල් ගුරුවරුන් ලෙස ඔබ සිදු කරන ජාතික මෙහෙවරට සාම විනිසුරු තනතුර ප්‍රමාණවත් නැහැ. එමෙන්ම ඔබට රජයෙන් ලැබෙන වර ප්‍රසාද පවතින ආර්ථික තත්වය හමුවේ කිසිසේත් සෑහීමකට පත් විය හැකි තත්වයක නොමැති බව සියලු දෙනා දන්නවා.
මසකට රුපියල් දෙදහස් පන්සීයක්ව පැවති පෙර පාසැල් ගුරුවරුන් සදහා වු දීමනාව රුපියල් පන් දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. මුල් ළමාවිය සංවර්ධනය වැඩි දියුණු කිරීම සදහා වෙනම අධ්‍යාපන ඒකකයක් ස්ථාපිත කිරීම සිදු කර , පෙර පාසැල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කළ යුතුයි. මේ රටේ දු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එය කළ යුතුයි.
දේශපාලන අවශ්‍යතා අනුව අතීතයේ සාම විනිසුරු පත්වීම් ලබා දී තිබුණා. පාතාල නායකයෙකු වු ගෝනවල සුනිල් නැමැත්තාටත් සාම විනිසුරු පත්වීම් ලබා දී තිබුණා. එම තත්වය අපි වෙනස් කළා. වර්තමානය වන විට සාම විනිසුරු පත්වීම් ලබා දෙන්නේ සුදුසුකම් අනුව පමණයි. සාම විනිසුරු තනතුර අපේ රටේ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය හා සම්බන්ධයි. කිසියම් කෙනෙකුට අධිකරණයේ සහනයක් ඉල්ලා සිටින අවස්ථාවකදී ඉදිරිපත් කරනු ලබන කරුණුවල සත්‍ය අසත්‍යතාවය සහතික කිරීම සාම විනිසුරුවරුන් සිදු කරනවා. එම දිවුරුම් ප්‍රකාශයේ කරුණුවල නිවැරදි බව අවබෝධ කර ගනිමින් සාම විනිසුරුවරුන් ක්‍රියා කළ යුතුයි. අසත්‍ය කරුණක් සහතික කළ බවට ඔප්පු වුවහොත් දඩුවම් ලබාදීමේ හැකියාව අධිකරණයට තිබෙනවා. සාම විනිසුරු තනතුරේ කාර්භාරය මනාව වටහා ගනිමින් යහපත් සමාජ සේවයක් සිදු කිරීමට කටයුතු කරන ලෙස සාම විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවද අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.
පෙර පාසැල් ගුරු සංගමය විසින් සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවය සංවිධානය කර තිබු අතර, පෙර පාසැල් ගුරුවරියන් 350 දෙනෙකු සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පත්වීම් ලබාදීම මෙහිදී සිදු විණි.