01 . කිසිම වේලාවක කඩේ සකස් කරන ලද ගැඹුරු තෙල් වල බඳින ලද ආහාර දෙන්න එපා.

02 . කිසිම වේලාවක පාට පාට හෝ පාට කරන ලද ටොෆි,සිනී බෝල, ලොලිෆොප්,චුයින්ගම් වර්ග ලබාදීමෙන් වලකින්න.

03 . කෘතිම පැණි රසකාරක යොදන ලද වෙළදසැල් තුල  තිබෙන සියලුම බීම වර්ග දෙන්න එපා .

04 . වෙළදසැල් තුල තිබෙන පැකට් කරන ලද මුරුක්කු,ටිපිටිප්, බයිට් වර්ග දෙන්න එපා .

05 . සියලුම චොක්ලට් වර්ග,මාගරින්,බටර් වර්ග දෙන්න එපා .

06 . නම ගිය තරු පංතියේ හොටෙල් වල සිට පහල පොල් අතු කඩේ තෙක් තියෙන ආහාර වලට යොදා ඇති රසකාරක,වර්ණකාරක හා භාවිතයට නුසුදුසු තෙල් නිසා ඔබට ආහාර නැවුම් සහා ප්‍රනීත රසක් ඇතිවන්නෙ.

07 . පිෂ්ඨ සහිත ආහාර හැකිතාක් අඩු කරන්න. වැඩිපුර එළවළු පළතුරු දරුවන්ට හුරු කරන්න.(අඹ,නෙල්ලී,නාරං,ජම්ඹු,පේර,දඹ,කෝන් ,පලු ,වීර , ඇඹරැල්ලා ,සියඹලා, ආදී දේශීයව ඇති දෑ)

08 . කුඩා දරුවන්ගෙ සිට වැඩිහිටි උදවිය  වැඩියෙන්  ආහාරයට ගැනීමට  ප්‍රිය කරන   සෝයාමීට් පැකට්, නුඩ්ල්ස් පැකට්, සොසේජස්, ක්ෂනිකව සකස් කල හැකී අල පෙතී,රෝල්ස් වැනී දෑ පිළිකාකරක සහිත ආහාර වේ.

09 . වර්ණක කරන ලද ක්‍රීම් තවරන ලද කේක් වර්ග දෙන්න එපා .

10 . ඔබ දරුවන්ට දෙන  පෝෂණය ඉතා ඉහල ලෙස සලකන කිරි පිටි වර්ග දෙන්න එපා ( නැවුම් එලකිරි , එලු කිරි භාවිතය උචිතය . )

මේ සියලුම ආහාර තුල දරුවන්ට නුසුදුසු රසකාරක සහා වර්ණක හා අධික විෂ සහිත  කල් තබාගැනිමට යොදන ලද ද්‍රව්‍ය යොදා ඇත.

මේවා තුල පිළිකා ඇතිවිමට හේතූ වන විකෘති කාරක ඉතා ඉහල ප්‍රතිශතයක් අංතර්ගතය.

මේවා ශ්‍රි ලංකාව තුල පරික්ෂා කිරිමට ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් නොමැති අතර විෂ සහිත ආහාර අලවි කරන පුද්ගලයන්ට එරෙහිව ලංකාව තුල නිසි දඩුවම් නොමැත.

ඔබේ දරුවන්ට අවශ්‍ය කැවුම්,කොකිස්,කේක් ආදීය සහා ඔබට අවශ්‍ය පළතුරු එළවළු සහා ඔබට අවශ්‍ය කුළුබඩු සියල්ලම ඔබේ නිවසේ ආරක්ෂිත ලෙස සකස් කර ගන්නෙ නම් ඔබේ දරුවන්ට නිරෝගීමත් දිවියක් උදාකිරිමට පුළුවන්.

ඔබ ජංගම දුරකථන ඔබමින්, ඔබ රූපවාහිනිය  නරඹමින්, ඔබ ගුවන්විදුලිය අසමින්  ඔබේ වටිනා කාලය නාස්ති කරමින්  ක්ෂනික ආහාර වලට සහ වෙළදසැල් තුල ඇති ආහාර වලට ඇබ්බැහි වෙලා නම් ඔබට ඔබේ දරුවාගේ මළගමට අවශ්‍ය කටයුතු සුදානම් කිරිමට හැකිය..

ලංකාවේ කාන්තාවකගේ ආයු කාලය අවුරුදු 79ක් සහ පිරිමි පුද්ගලයකුගේ ආයූ කාලය අවුරුදු 72 බව තහවුරු වී ඇත. ඉතාමත් හොද ආයු අපෙක්ෂාවක් ඇතී ලොකයේ ගුණාත්මක සහ පොෂදායී අතින් ඉහලම ආහාර තියෙන අපේ රටේ අවුරුදු 35 සිට 79 දක්කවා බෙහෙත් ගොඩක් එක්ක ජිවිතේ ගෙවන පිරිසක් බවට ඔබ පත්වෙලා අවසානයී.

බුද්දිමත් ව සිතා බලා කටයුතු කරමු.

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න