ළමුන්‌ විසින්‌ මුතුණ දෙනු ලබන කම්පන සහගත සංවේදී සිදුවීම්‌ චාර්කාකරණයේදී මුද්‍රික මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අනුගමනය කරන ක්‍රියා පටිපාටීන්‌ පිළිබඳව, ශ්‍රී ලංකා ළමාරෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ ළමා ආරක්ෂණය පිළිබඳ විධායක කමිටුව සහ එහි සියළුම සාමාජික සාමාජිකාවන්‌ ගේ බලවත්‌ අප්‍රසාදය මෙම ලිපිය මගින්‌ ඉදිරිපත්‌ කෙරේ.

පසුගිය ජූලි මස දෙවෙනි දින සිදුවූ අවාසනාවන්ත සිදුවීමත්‌ සමග ඉතා වටිනා තරුණ දරුවන්‌ දෙදෙනෙකුගේ ජීවිත අපට අහිමි විය. ඒ අවස්ථාවේදී සියළුම මාධ්‍ය එය වාර්තාකරණය කිරීමේදී දැක්වූ ක්‍රියාවලිය අපට මෙලෙස මෙවැනි ලියමනක්‌ ඉදිරිපත්‌ කිරීමට හේතු වූ ආසන්නතම සිදුවීම ලෙස සඳහන්‌ කළ හැක. ඒ අවස්ථාවේදී එම දරුවන්‌ ගේ අනනා්‍යතාවය පවා තහවුරු කරගැනීමට හැකි අයුරින්‌ ((1%/ රූප රාමු භාවිතා කරමින්‌, මෙයට නාට්‍යයම ස්වරූපයක්‌ ලබාදෙමින්‌ මෙය චාර්තා කළ ආකාරය ඉතාම පහත්බව සඳහන්‌ කළ යුතුමය. ඒ මගින්‌ මෙම දරුවන්ගේ සියළුම අයිතීන්‌ පිළිබඳ කිසිඳු සැලකිල්ලක්‌ නොදක්වා ඇති අතර මරණයට පත්වූවෙක්ට ගෞරවාන්විතව සැලකීම පිළිබඳ කිසිඳු සැලකිල්ලක්‌ ද යොමු කර නැති බව ඉතා පැහැදිලිව දක්නට ලැබුනි.

මෙවැනි දර්ශන සවිස්තාරාත්මක නැරඹීම මගින්‌ ඒවා නරඹන දරුවන්‌ තුළ කම්පනකාරී තත්චයක්‌ ඇතිවීම චැළැක්විය නොහැක. මෙවැනි සිදුවීම්‌ මෙන්ම මේ හා සමාන සිදුවීම්‌ රූපවාගිනීය මෙන්ම සිනමා රූප තුළින්‌ නැරඹීම නිසා මානසික වශයෙන්‌ ඉතාම අවුල්‌ සහගත තත්ත්ව වලට මුහුණ පා දීර්ඝ කාලීනව ප්‍රතිකාර අවශ්‍ය දරුවන්‌, අප රාජකාරී අතර තුර අපට රොගීන්‌ ලෙස හමුවී ඇත.

එසේම මෙවැනි කම්පන සහගත සිදුවීම්‌ නිතර නිතර දක්නට ලැබෙනවිට ඒවා තවත්‌ එක ඉතාම සාමාන්‍ය සිදුවීමක්‌ ලෙස ළමා මනස තුළ තැන්පත්වීම ද වැළැක්විය නොහැක. විශේෂයෙන්ම නව යෞවනයේ මුල්‌ අවධිය ගත කරමින්‌ සිටින දරුවන්‌ තුළ යළි යළිත්‌ මෙවැනි දේ අනුගමනය කිරීමේ ප්‍රවණතාවක්‌ ඇතිවීමද ඉතාම සැලකිල්ලට ගතයුතු කරුණකි. මේ සඳහා හොඳම සාක්ෂිය ලෙස සටහන්‌ කළ හැක්කේ මෙවැනි සිදුවීමක්‌ ඉතා විවෘතව මාධ්‍ය තුළ චාර්තාකරණය වූ විට, ඒ ආසන්න කාලය තුළ එයට සමාන වූ කම්පන සහගත වූත්‌ ඉතාම සංවේදී වූත්‌ සිදුවීම්‌, රැල්ලක්‌ ලෙසින්‌ එක පිට එක චාර්තාවීමට පටන්‌ ගැනීමය. මෙය මෙරට පමණක්‌ නොව බෙහෝ රටවල දැක තිබෙන පිළිගත්‌ තත්වයකි.

එසේම තම දරුවන්‌ අහිමිව ඉතාම කරදරකාරී තත්වයකට මුහුණ පා සිටින එම දරුවන්ගේ ළඟම ඥාතීන්‌ මෙන්ම හිතවතුන්‌ තවත්‌ අපහසුතාවයකට පත්කිරීමට කිසිම මාධ්‍යයකට අයිතියක්‌ නැත. ඔවුන්ගේ මානසික තත්වය පිළිබඳව, දුක්මුසු හැඟීම්‌ පිළිබඳව මෙලෙස පහසුවෙන්‌ අමතක කළ යුතුද? ජිවිත අහිමි වූ දරුවන්‌ පිළිබඳ බලාපොරොත්තු සහගතව සියළුදේ ඉටුකළ මවුපියන්‌ මෙන්ම ඔවුන්ගේ සහෝදර සහොදරියන්‌ මෙන්ම ළගම ඥාතීන්‌ මෙවැනි චාර්තාකරණයන්‌ නිසා පත්වන අපහසුතාවය ඉතා ම ඉහළය. එසේම ඔවුන්ගේ නිවාස පවා මෙම මාධ්‍ය ඉතාම පහත්‌ ලෙස ආවරණය කිරීමක්ද මෙහිදී දක්නට ලැබුණි. එසේම පසුගිය කාලය තුළ මෙවැනි වගකීම්‌ රහිත චාර්තාකරණ ඉතාම බහුල ලෙස මාධ්‍ය තුළ දක්නට ලැබීම ද සඳහන්‌ කළ යුතුමය.

කාන්තා සහ ළමා කටයුතු භාර අමාත්‍යවරයා ලෙස ඉදිරියේදී මෙවැනි කටයුතු මේ ආකාරයෙන්‌ සිදු නොවීමට අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින්‌ සම්පාදනය කරන ලෙස අප සංගමය සහ එහි ළමා ආරක්ෂණය පිළිබඳ විධායක කමිටුව ලෙසින්‌ ඔබතුමාගෙන්‌ ඉතා ගෞරවයෙන්‌ ඉල්ලා සිටිමු.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න