• ඇතැම් රාජ්‍ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරනවා.
• දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍යයි
• නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාල පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට
අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ සදහම් ගුරු උවසර ගාල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසැල් ගුරුවරයෙකු ලෙස ගුණ නැණින් පිරිපුන් දැයක් ගොඩ නගන්නට 25 වසරකට වඩා කැප වු සුදුසුකම්ලත් දහම් පාසැල් ගුරුවරුන් 361 දෙනෙකු සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු තනතුරු පිරිනැමීම වෙනුවෙන් ගාල්ල Hall Galle De Hall ශාලාවේ පැවති උත්සවයටකට අද (27) පස්වරුවේ එක්වෙමිනි.
බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක, මාපලගම වර්ධනාරාමාධිපති, පුජ්‍ය ලේල්වල ජිනවංස නායක ස්වාමීන් වහන්සේ පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටවු අතර, ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ වංස මහා නකායේ අති පුජ්‍ය මහානායක, ආචාර්ය කණුමුල්දෙණියේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් පැවැත් වුහ.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, ගාල්ල සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකෝරළ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණී.
උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරුන් සදහා සාම විනිසුරු පදවි පිරිනැමීම වෙනුවෙන් මීට මාස කිහිපයකට පෙර උත්සවයක් සංවිධානය කර තිබුණා. එම උත්සවය මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේම පැවැත්වුණා.
ලබන මාසයේ නැවතත් ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂ විවෘත කිරීමේ උත්සවයක් තිබෙනවා. රුපියල් මිලියන 1650 ක මුදලක් වැය කරමින් ඉදි වන ගාල්ල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජුලි මස 17 වන දින සිදු කරනවා.
ගරු සම්පත් අතුකෝරල මන්ත්‍රිතුමා අධිකරණ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය පිළිබදව අදහස් පළ කරමින් ඔවුන් විශිෂ්ට සේවයක් සිදු කරන බව සදහන් කළා. අද රාජ්‍ය සේවය තුළින් හොද සේවයක් සිදු නොකරන බවට ඇතැම් අය විවේචනය කරනවා. එහෙත් එම අදහස නිවැරදි නැහැ. කිහිප දෙනෙක් රාජ්‍ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරනවා. අල්ලස් හා කොමිස් ගැනීම් නතර කිරීමට ශක්තිමත් නව අල්ලස් කොමිසමක් පත් කර තිබෙනවා. අපරාධවලින්, නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාල පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පසුගිය මාස කිහිපය තුළ නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අදාල පනත් 75 ක් සංශෝධනය කිරීමට කටයුතු කළා. මේ රට ගොඩ නගන්න ශක්තිමත් නීති රාමුවක් අවශ්‍යයි. අපි එය පසුගිය කාලය තුළ සිදු කළා. ලෝකයේ දියුණු වු සියලු රටවල් සංවර්ධනය වීමට නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම මුලික හේතුව වුණා. දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍යයි. රටක පාලකයින් රටේ නීතිය නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්නේ නම් රට දියුණු කිරීමට ජනතාව යොමු වෙනවා. යුක්තිය හා ධර්මය අතර වෙනසක් තිබෙනවා. යුක්තිය අපි ඔප්පු කළ යුතු දෙයක්. ධර්මය යන්නෙන් අදහස් කරන්නේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමයි. අද මේ රටේ අධ්‍යාපන පද්ධතිය තුල දැවැන්ත කඩා වැටීමක් තිබෙනවා. ඒ සදහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබෙනවා. අපේ රටේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයින් 300 දෙනෙකු ආතතියෙන් පෙලෙන බවට වාර්තාවක් තිබුණා. ඒ තුළින් මේ රටේ අධ්‍යාපන තත්වය ගැන පැහැදිලියි. දහම් පාසැල් ගුරුවරුන් වෙනුවෙන් පවත්වන මේ සාම විනිසුරු උත්සවය උපහාර දැක්වීමේ උත්සවයකටත් වඩා කෘතගුණ දැක්වීමේ පිංකමක් ලෙස සැලකීය යුතුයි. බුදුන් වහන්සේ පවා බුද්ධත්වය පත්ව තමන්ට බුදුවීම සදහා සෙවන දුන් බෝධින් වහන්සේට අනිමිස ලෝචන පුජාවෙන් උපහාර පුද කළා. නිරායාසයෙන් තමන්ගේ කාලය ශ්‍රමය දැයේ දු දරුවන්ගේ ගුණ නැණ වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඇප කැප වු දහම් පාසැල් ගුරුවරුන් වෙනුවෙන් කෘතගුණ සැලකීම මෙම උත්සවය තුලින් සිදු කර තිබෙනවා. අපේ රටේ බොහෝ අංශවල පවතින පිරිහීමට මුලික කරුණ වන්නේ ගුණ ධර්මයෙන් ඈත් වීමයි. මිනිසා හදා රට හැදිය යුතු බව අති පුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ දේශනා කර තිබෙනවා. රට යහපත් දේශයක් බවට පත් කිරීමට අපි කළ යුතු වන්නේ මිනිසා හදා රට හැදීමයි. බුදු දහමට අනුව අපේ රට කඩා වැටීමට මුලික හේතුව සතර අගතියෙන් යුතුව කටයුතු කිරීමයි. රටේ පාලකයින් වේවා ආයතන ප්‍රධානීන් වේවා ඡන්දය , ද්වේශය, භය, මෝහය යන සතර අගතියෙන් කටයුතු කරන්නේ නම් ඒ රට ආයතනය පරිහානියට පත් වෙනවා. සතර අගතියෙන් තොර ගුණවත් නැණවත් නායකයින් බිහි කිරීමට දහම් පාසැල් ගුරවරුන් විශාල කාර්යභාරයක් කරනු ලබනවා. දහම් අධ්‍යාපනය සදහා දරුවන් යොමුවීමේ අඩුවක් වර්තමානය වන විට පවතින බව සදහන් වුණා. අපි 2015 වසරේ දහම් අධ්‍යාපනය සදහා දරුවන් වැඩි වශයෙන් යොමු කිරීමේ විශේෂ වැඩ සටහනක් ආරම්භ කළා. නමුත් පසුගිය කාලය තුල රටේ ඇති වු කොවිඩ් වසංගත තත්වය, පාස්කු ප්‍රහාරය හා ආර්ථික අර්බුදය වැනි කරුණු හේතුවෙන් දහම් අධ්‍යාපනය සදහා දරුවන් යොමුවීම අඩු වුණා. මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති නැවතත් කන්නන්ගර ප්‍රතිපත්ති අනුව සකස් විය යුතුයි. අපේ රටේ අධ්‍යාපනය කන්නන්ගර මැතිතුමා වහල් භාවෙයන් මුදවා ගත්තා. නමුත් අපේ රටේ අධ්‍යාපන නැවතත් වහල්භාවයට පත්වෙමින් තිබෙනවා. ඇතැම් අය පාසැල් තමන්ගේ බුදලයක් යැයි කල්පනා කරමින් කටයුතු කරනවා. දහම් පාසැල් මේ රටේ දරුවන් වෙනුවෙන් නිරායාසයෙන් කරනු ලබන සේවයට සමාජයේ නිසි පිළිගැනීමක් සිදු වෙලා නැහැ.
මීට පෙර මෙම ස්ථානයේ පෙර පාසැල් ගුරුවරුන් සදහා සාම විනිසුරු තනතුරු ලබාදීමේ උත්සවය පැවති අවස්ථාවේ පෙර පාසැල් ගුරුවරුන් සදහා මාසයකට ලබා දෙන රුපියල් 2500 ක දීමනාව වැඩි කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරළ මැතිතුමා ඉල්ලීමක් කළා. ඒ අනුව අදාල අංශවල අවධානය යොමු කිරීමට අපිත් මැදිහත් වුණා. පවතින ආර්ථික තත්වය අනුව ප්‍රමාණවත් නොවුනත් රුපියල් පන් දහස දක්වා එම දීමනාව වැඩි කිරීමට රජය කටයුතු කර තිබෙන බවද අමාත්‍යතුමා සදහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, ගාල්ල සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකෝරළ මහතා හා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චාමි රාජකරුණා මහත්මිය මෙහිදී අදහස් පළ කළ අතර, අති පුජ්‍ය මහා සංඝරත්නය, අධිකරණ අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ලක්ෂ්මන් ගාමීණි මහතා ඇතුළු, ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු නියාමකයින්, රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායම විසින් උත්සවය අලංකාරවත් කරමින් නර්තන ඉදිරිපත් කරන ලදී.