ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ ‘අනන්‍යතාව’ බෞද්ධ දෘෂ්ඨි කෝනයකින් බැලීම. මෙහි දී පටිච්චසමුප්පාද දර්ශනයට අනුව කිසිදු අනන්‍යතාවක් ස්ථාවර (Fixed) නැති බවත් අනන්‍යතාව යනු හේතූන් නිසා හටගත් ඵලයක් පමණක් බවත් මූලිකව මතු කළා. තව ද හේතූන්ගෙන් හටගත් අනන්‍යතාව හේතූන්ගේ වෙනස් වීමෙන් වෙනස්වන බව සාකච්ඡා කළා.
ඒ අනුව විවිධ හේතූන්ගේ සමවායයෙන් හටගන්නා බැවින් ද, කිසිදු බලවතෙකුගේ විශේෂ මැදිහත්වීමකින් හට නොගත් බැවින් ද කිසිදු අනන්‍යතාවක් තවත් අනන්‍යතාවකට වඩා උසස් හෝ පහත් වන්නේ නැති බව ද සාකච්ඡා කළා.
ඊළඟට සාකච්ඡා කළේ දාර්ශනික වසයෙන් එන පණිවුඩය මෙසේ වුවත් සංස්තික ආගම තුළ අනන්‍යතා එබඳු සුවිශේෂත්වයක් නැති දෙයක් නොවන ආකාරයයි. ඒ තුළ බරපතල ලෙස අනන්‍යතා ධූරාවලියකට අනුව පෙළගැසෙන ආකාරයත්, ඒ යටතේ තමා විසින් විශේෂයෙන් තෝරා නොගත්, ජාතිය, භාෂාව, ආගම, කුලය සහ ලිංගිකත්වය ආදිය පදනම් කරගෙන බරපතල ලෙස බලය ගොඩනන්වා ගැනීම සහ හිංසනය ක්‍රියාත්මකවන ආකාරය පෙන්වා දෙමින්, ආගම බොහෝවිට තවදුරටත් මුල් පණිවුඩය නියෝජනය නොකරන ආකාරය සාකච්ඡා කළා.
අවසාන වසයෙන් බුදුදහමේ එන ‘දුක’ නැති කිරීම යන්නට සමාජ දුක නැති කිරීම, හිංසාවට පීඩාවට ලක්වීමෙන් එන දුක නැති කිරීම ද අයත්වන ආකාරය සාකච්ඡා කළා. එහි දී අවිහිංසාව පිළිබඳ අදහස මෙකී සමාජ දුක නැති කිරීම හා සම්බන්ධවන ආකරාය සාකච්ඡා කළා.
අවසානයේ මියගිය තැනැත්තියට පැන් වඩා සුගතිය ප්‍රාර්ථනා කළා. එහි දීත් පැන් වැඩීම ජීවත්ව ඉන්නා අයගේ සුවපත්වීමට අදාළ ප්‍රතිකාරමය (therapeutic) ක්‍රියාකාරකමක් වන ආකාරය පෙන්වා දුන්නා.
අවසානයේ ඒ අයගෙන් වැඩි දෙනෙකු මා වෙත පැමිණ කතා කළා. ඒ අය වැඩි දෙනෙකු තම නිවෙස්වල දී වත් ආගමික කටයුතුවල දී ඉදිරියට පැමිණ කටයුතු කර නැති බවත් ආගමික ස්ථාන වලට ගොස් හෝ ආගමික කටයුතු කර නැති බවත් එසේ නොයන්නට හේතුව තමන් ඒ තැන්වල දී අපහසුතාවනට පත් වේ යැයි පවත්නා බිය සහ ඇතැම්විට ආගමික ස්ථානවල කතාකරන ධර්මයන් තමන්ට එතරම් අදාළ නොවීම බවත් පරකාශ කළා. එහෙත් අද සාකච්ඡාව අනුව එහි අදාළ බවක් පවත්නා බව වැටහෙන බවත් ප්‍රකාශ වුණා.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න