ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ 2024 … International Industry Expo -2024 ..ජූනි 19 සිට 23 දක්වා……

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි..කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, රටේ කර්මාන්ත අභිමානය රටට හා ලොවට ගෙනයන, ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024), ප්‍රථම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට, සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙම ජාත්‍යන්තර කර්මාන්ත එක්ෂ්පෝ..International Industry Expo 2024, මහා ප්‍රදර්ශනය 2024 ජුනි මස 19දා සිට 23දා දක්වා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයට,විවිධ රටවල් නියෝජනය කරමින්.. ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය. මෙහි ප්‍රදර්ශන කුටි..1300 ක් පමණ තිබෙන අතර..මෙහි..වෙනම පරිශ්‍රයක්…හරීත කර්මාන්ත කලාපයක් ලෙස පළමු වරට ප්‍රදර්ශනයට එකතු කරතිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ප්‍රදර්ශන කාලය තුළ..හරීත කර්මාන්තකරණය පිළිබඳ ..පර්යේෂණාත්මක විද්වත් සමුළුවක්ද…පැවැත්වේ.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කේන්ද්‍ර කොටගෙන, රටේ කර්මාන්ත ව්‍යවසායක දායකත්වය කීප ගුණයකින් වැඩි කිරීමේ අපේක්ෂාවෙන්, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම දැවැන්ත ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන බව ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි…

ඩී.එස්.එන්.රාජපක්ෂ.
මාධ්‍ය උපදේශක
මාධ්‍ය හා ප්‍රචාරක අංශය
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය.
2024-05-22

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න