ස්වාධීන අධිකරණ සේවා කොමිසමට බලපෑම් කිරීමට හෝ එහි කටයුතුවලට මැදිහත්වීමට බලයක් අධිකරණ ඇමතිවරයා වන තමන්ට නොමැති බැවින් අධිකරණවල කටයුතු කරන නිලධාරීන්ට අවදානම් දීමනාව ලබා ගැනීම ඇතුළු වෘත්තිය ගැටලුවලට අදාළ විසඳුම් ලබා ගැනීම සඳහා එම කොමිසමට සහ තමන්ට ලිඛිතව දැනුම් දීමක් කරන ලෙස අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යය ආචාර්ය විජයදාස් රාජපක්ෂ මහතා අධිකරණවල සේවක වෘත්තීය සංගම් නියෝජිතයින් අමතමින් අද 10 පෙරවරුවේ පැවසීය.
අධිකරණවල සේවය කරන කාර්යාල කාර්යය සහායකයාගේ සිට රෙජිස්ටාවරුන් දක්වා වූ නිලධාරීන් අවදානම් සහගත සේවයක නිරත වන නමුත් අධිකරණ සේවා කොමිසම යටතේ සේවය කරන නිලධාරීන්ට ලබාදෙන සියයට 25ක් වන අවධානම් දීමනාව ඔවුන්ට නොලැබෙන බව අධිකරණ ඇමතිවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී වෘත්තීය සංගම් නියෝජිතයන් සඳහන් කළේය.මෙම දීමනාව ස්වාධීන පොලිස් කොමිසම ස්වාධීන මැතිවරණ කොමිසම ඇතුළු සෙසු කොමිෂන් යටතේ සේවය කරන සේවකයන්ට ලැබෙන නමුත් අධිකරණවල සේවය කරන රෙජිස්ටාර්වරුන් ඇතුළු නිලධාරීන්ට නොලැබෙන බව ඔවුන් පෙන්වා දුන්නේය .
අධිකරණවල සේවය කරන නිලධාරීන්ට බලපාන දීර්ඝ කාලීන වැටුප් විෂමතා හේතුවෙන් ඔවුන් එම වෘත්තීයෙන් ඉවත් වෙමින් පවතින බවත් එය ඉදිරියේ අධිකරණ කටයුතු පවත්වාගෙන යෑමට බාධාවක් විය හැකි බවත් සේවක සංගම් නියෝජිතයින් පෙන්වා දුන්නේය.
අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථය ඇතුළත විසඳිය හැකි දීමනා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ඇමතිවරයා විසින් දැනටමත් ගෙන ඇති තීන්දු තීරණ පිළිබඳ ඇමතිවරයාට ස්තුතිය පළ කළ වෘත්තීය සංගම් නියෝජිතයින් ඔවුන්ට බලපාන මෙම ගැටලුවටද විසඳුම් ලබාදීම සඳහා මැදිහත් වන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම ගැටලුව විසඳීම සඳහා මැදිහත්වීමේදී අමාත්‍යාංශය සතු බල සීමාව තුළ කටයුතු කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඇමතිවරයා තමන්ට සහ කොමිසමට ලිඛිතව දැනුම් දීමක් කරන ලෙසත් ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ හැකි බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා අධිකරණවල කටයුතු කරන වෘත්තීය සංගම් නියෝජිතයින් සහ අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගි වී සිටියහ
මුල් පිටුව අධිකරණ ස්වාධීන අධිකරණ සේවා කොමිසමට බලපෑම් කිරීමට හෝ එහි කටයුතුවලට මැදිහත්වීමට බලයක් අධිකරණ...