පී.කේ. බණ්ඩාර

ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනය – 2024 (World No Tobacco Day – 2024) වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය එක්ව ජනතාව දැනුවත් කිරීම උදෙසා සංවිධානය කළ විශේෂ වැඩ සටහනක් අද (07) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලෝකයේ සිගරට් හා දුම්කොළ පිළිබදව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම අනුගතවීම වන ප්‍රචාරයක් නොමැති සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදයට යා යුතු බවත්, මෙරට සිගරට් හා දුම්කොළ භාවිතය අකර්මණ්‍ය හා අධෛර්ය කිරීමට බදු ප්‍රතිපත්ති වඩා දැඩි කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. එ් සදහා නීති රීති සකස් විය යුතු බවද පැවසීය. 

ලෝක දුම්වැටි විරෝධී දිනය සෑම වර්ෂයකම මැයි 31 දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් මෙම ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන සංවිධානය කර තිබූ අතර,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට කොළඹ විහාරමහාදේවි උද්‍යානය දක්වා විශේෂ පාගමනක් ද සංවිධානය කර තිබුනි. 
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව බෝවන රෝග වල සිට බෝනොවන රෝග වලට පරිවර්ථනය වී ඇති බවත්, වර්තමානයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, ස්වසන රෝග ඉතා බහුල ලෙස ජනතාව අතර පැතිරෙන බව ද පැවැසීය. එම රෝග රැසකටම දුම්පානය හේතු සාධක වන බව ද පැවසීය. මෙරට දුම්පානය සහ මත්ද්‍රව්‍ය  භාවිතය අඩුකර ගතහොත් ලොව ජිවත්වීමේ වැඩිම ආයු කාලයක් සහිත රටවල්වල තත්ත්වයට යා හැකි බව ද වැඩිදුරටත් පැවසීය.  

මෙහිදී දුම්කොළ භාවිතයෙන් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සිදු කරන මෙහෙවර අගයමින් විශේෂ ඇගයීමේ සහතිකයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වෙත පිරිනමන ලදි. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල‍, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත අලාකා  සිං මහත්මිය, බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මිය ඇතුලු ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න