සොබාදහමේන් අපට අපෙන් සොබාදහමට…

ඔබත් පරිසරයට ආදරය කරන සුවිශේෂ පුද්ගලයෙක්ද ?

එසේ නම් මේ දේවල් කරන්න එපා .
ඔබ දන්නවාද ?

අප විසින් ලංකාව තුල එක් දිනකට පමණක් අපද්‍රව්‍ය මෙට්‍ට්‍රික් ටොන් අටදහසක් (8000MT) පමණ ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනකින් තොරවම පරිසරයට මුදාහරින බව .

මෙම අපද්‍රව්‍ය මෙට්ට්‍රික් ටොන් 8000 න් 65%-70% ප්‍රමාණයක් නිවෙස් , හොටෙල් ,ආපනශාලා සහ කර්මාන්තශාලා වලින් ඉවත් කරන කාබනික ද්‍රව්‍ය යි.

මෙසේ කාබනික අපද්‍රව්‍ය ලෙස ඉවත් වන්නේ බොහෝමයක් ආහාර කොටස් ය.

අනෙක් 30% නිවාස,හොටෙල්, ආපනශාලා සහ කර්මාන්තශාලා වලින් ඉවත් කරන ප්ලාස්ටික් ,පොලිතින් ,වීදුරු ,ලෝහ,පත්තර සහ අන්තරාදායක අපද්‍රව්‍ය ලෙස හදුනා ගෙන ඇත.

ඉන් 750g සිට 1.5kg ප්‍රමාණයක් එක් පුද්ගලයකු විසින් දිනකට පරිසරයට ජනනය කරනු ලැබේ.

මෙම අපද්‍රව්‍ය ප්‍රමාණය ජනනය වීම පාලනය කිරීම ඔබට අනිවාර්යයෙන් කල හැකිය .

මෙලෙස අපද්‍රව්‍ය ලෙස ඉවත් කරනුයේ පරිභෝජනයට ගත හැකි ආහාර සහ භාවිතයට ගත හැකි කසළ වර්ගයි .

මෙම අපද්‍රව්‍ය නිසි ආකාරයට
කළමනාකරණය කිරීම සහ අපගේ අපද්‍රව්‍ය බැහැරලිම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සිදු කරන්නේ නම් , පරිසරයට අප විසින් සිදු කරන හානිය අවම කළ හැකියි.

ඔබත් අද සිටම

  • නිවස තුළ ආහාර සැකසීමේදී අවශ්‍ය ප්‍රමාණයට පමනක් ආහාර සකස් කිරීම
  • තැලුණු පොඩි උනු ආහාර මිළදී නොගැනීම .
  • ආහාර ඇසුරුම් කර තැබීමේදී පොලිතීන් හෝ පත්තර භාවිතා නොකරමින් අනුමත ප්ලාස්ටික් භාජන තුල හෝ අසුරා තැබීම .
  • ඔබ මිල දී ගන්න ආහාර ප්‍රමාණ බොහෝ කල් තබා නොගනිමින් ආහාරයට ගැනීමෙනුත් ආහාර අව භාවිතය අවම කරිම

මේ ලෙසට ස්වයං විනයක් සකසා ගැනීම මගින් පරිසරයට අප සිදු කරන හානිය වලකාලීම හැකිවේ.

  • සකස් කළ ආහාර රැගෙන යාමේදී පොළිතින් හා පත්තර භාවිතයට බොහෝ අය පෙලඹ සිටීම නොරහසක් . දිගු කාලීනව පොලිතින් හා පත්තර භාවිතය පරිසරයට පමනක් නොවෙයි මිනිස් සිරුරටත් බොහෝ අවදානම් බව ඔබ දැනගත යුතුම කරුනක්.

ඔබ කුමන හෝ ආකාරයකට ආහාර යම් ස්ථානයකට රැගෙන යාමේදී අනුමත ඇසුරුම් භාජන භාවිතා කරන්නේ නම් ඔබත් නිරෝගීව රටත් ලෝකයත් රැක ගැනීමට ඔබට හැකියාවක් ඇත.

ඔබ එදිනෙදා ආහාර ලෙස ලබා ගන්නා කෙටි ආහාර සහ පොලිතින් ඇසුරුම් සහිත ටොෆී චොක්ලට් වැනි ආහාර ඔබ භාවිතා කරන්නේ නම් ඒ ඇසුරුම් ද්‍රව්‍ය නිසි ලෙස බැහැරලිම ඔබේ වගකීමක් වේ.

මෙහිදී ආහාර කොටස් සහ දිරාපත් වන කසළ බැහැරලීමට කොම්පෝස්ට් වලක් ඔබට ඇති ඉඩ ප්‍රමාණය අනුව සකස් කර ගන්නේ නම් පොලිතින් ,වීදුරු ,ප්ලාස්ටික් හෝ වෙනයම් කසල බැහැරලිම ද නිසි ආකාරවම බදුන් තුළටම සිදු කිරීම කල හැකියි.

ඔබ පොදු ස්ථාන භාවිතය අතර තුර බැහැරලන අපද්‍රව්‍ය බදුන් තුලටම බැහැර කිරීමට වග බලාගන්න.

ප්ලාස්ටික් පිලිස්සීම සිදු නොකිරීම මගින් ඔබත් නිරෝගීව රටත් ලස්සන කරන්න ඔබට දායක විය හැකියි.

එය ඔබේ යුතුකමයි . පාසල් පද්ධතිය තුළින් මෙය ක්‍රියාවට නංවන්නේ නම් එය වඩාත් පළදායි ලෙස ක්‍රියාවට නැංවෙන බවත් කිව යුතුමයි.

කසළ බැහැරලිම සදහා නිසි ආකාර පාලනයක් නොවන්නේ නම් නිසි ක්‍රමවේදයක් නොවන්නේ නම් තවත් වසර කිහිපයක් යාමට මත්තෙන් අපට ලස්සන පරිසරයක් ,පිරිසිදු වායුගෝලයක් ,සහ පිරිසිදු ජල ප්‍රභවයක් අහිමිවිම නිසැකයි.

කසළ යනු
නිසි ස්ථානයේ නිසි ආකාරයට තබන්නේ නම් එය වටිනා සම්පතකි.

කසල නිසියාකාරව අවසන් බැහැරලිම සිදු නොකරන්නෙ නං නිතිය ක්‍රියාමාර්ග ගැනිමටද හැකියාව ඇත.

කසල වලින් ජීවිතේ ගොඩ ගියපු මිනිසුන් බොහෝමයක් අප රට තුලත් ඇති බව ඔබ දන්නවාද ??..

සොබාදහමටආදරේ කරන. විශ්මිත වූ සොබාදහම ඔබටත් සුවිශේෂී දෑ ලබා දේවී..

මහජන සෞඛ්‍ය පරීක්ෂක
සදුන් හේමන්ත රත්නායක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න