ලංකාවේ උතුරේ සහ දකුණේ අපේ මී ගවයන්ගේ හා එළ ගවයන්ගෙන් ලබාගන්නා නැව්ම් එළ කිරි වලට ජලය, රසායනික ද්‍රව්‍ය යොදා බාල කරමින් දිර්ඝ කාලයක් ගබඩා කර තැබිම නිසා මෙම කිරි වල ගුණාත්මක භාවයට ඉතාමත් හානි සිදු වි ඇත.

ඈත අතීතයේ සිට ගව මහේෂාදී සම්පත් වලට උරුම කම් කී ශ්‍රීලංකාවේ දියර කිරි ඉතාමත් නැවුම් , ගුණදායි ,සහ රසවත් බවකින් යුක්ත වූවා.

අවාසනාවකට නූතන මව්වරු දරුවෝන්ට දියර කිරි වෙනුවට හෝ මව් කිරි වෙනුවට පිටිකිරි දෙනවා.

මෙහිදී දියර කිරි හා පිටි කිරි භාවිතයේ හොද හා නරක වෙන් වෙන්ව හදුනා ගනිමු.

දැනට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙක් වශයෙන් මම නම් පිටිකිරි කෙසේවත් නිර්දේශ කරන්නේ නෑ.

දියර කිරි භාවිතයේ දී අවදානය යොමු කල යුතු කරුණු ලෙස

  • කූට වෙලෙන්දන් විසින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් , සාලිසිලික් අම්ලය,බෙන්සොයික් අම්ලය ,ජලය, උදාසීන කාරක , මෙලමයින් වැනි කල්තබා හැනීමේ ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස දියර කිරි වලට එකතු කරනවා.
  • එහිදී ශරීරයට අහිතකර , විෂ සහිත දෑ නිසා දීර්ඝකාලීන හා කෙටි කාලින රෝගාබාධ වලට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදුවේ.
  • දියර කිරි වල ඇති සංයුතිය සහ සංඝටක විනාශ වීම නිසා විවිධාකාර ගැටලු ඇතිවේ .

කර්මාන්තශාලා තුලට ගෙන එන මෙම කිරි වලින් චිස්,බටර් වැනි නිශ්පාදනත් , පිටි කිරිත් සකසන්නේ හානියට පත් වු කිරි යොදාගෙන බව ඔබ දන්නවාද .?

වෙළෙඳ තරගකාරිත්වය නිසා ජනතාවට හානිදායක ආහාර ලබාදිම ගැන කූට ව්‍යාපාරිකයන්ට කිසිම හැගීමක් නොමැත. මුදල් මත සියලුම හොද නරක රැදී ඇති බැවින් සහ මේ පිළිබඳව සොයා බැලිමට ඇති නිලධාරීන්ද මේ සම්බන්ධව සැලකිලිමත් නොවන බැවින් මෙම කුට ව්‍යාපාරිකයන් මෙය නිර් භයව සිදුකරනවා.

පිරිසිදු හා නැවුම් එළකිරි තෝරා ගැනීම සහ විස්වාස වෙලදුන්ගෙන් දියර කිරි මිලදී ගැනීමට ඔබට බුද්දිමත් විය යුතුයි .

මහජන සෞඛ්‍ය පරික්ෂක
සදුන් හේමන්ත රත්නායක

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න