ප්‍රධාන ගංගාවල පවතින ජල මට්ටම් ගැන සලකන විට අත්අඩගලු ඔය අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුළදී අවදානම් මට්ටමට ළඟා වී තිබෙනවා කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළදී තවත් අතෝ ගංගාවක් වන මගුර ගඟ බදුරලිය පාලිංද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුළදීත් අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වෙලා තිබෙනවා
සමස්තයක් ලෙස අත්තනගලු ඔය කැලණි කළු ගිං නිල්වලා ගංගා ඉහල ජල ගලන මට්ටමකට පත්වෙලා තිබෙනවා මේ වන විට ප්‍රධාන කිසිදු ගංගාවක මේ වනතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා නොවුනත් අද දිනය සහ හෙට දිනය තුළ ඇතිවිය හැකි අධික වර්ෂාපතනයක තත්ත්වයකදී මේ ගංගා ගංවතුර තත්ත්වයකට පත්වීමේ සම්භාවිතාවක් පවතිනවා මෙම ප්‍රදේශ හරහා ගමන් කරන මගින් රථවාහන කල්පනාවෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා .ගංගා ආශ්‍රිත ගංවතුර නිම්නයේ පදිංචි මහජනතාව ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම අතිශයින්ම වැදගත් බව සඳහන් කළ යුතුයි මේ සඳහන් කළ ගංගා ද්‍රෝණිවල ඉහළ ප්‍රදේශවල අතු ගංගා දිය පහරවල් හදිසියේ ඉතා රළු වීමේ අවදානම පවතිනවා ඒ නිසා එම අතු ගංගා දිය පාරවල් හරහා ගමන් කිරීම දිය නෑම වැනි කටයුතුවලදී ඉතා දැඩි සැලකිල්ලකින් අවබෝධයකින් යුක්තව පමණක් එසේ කළ යුතුයි අවබෝධයක් නොමැතිව අතුගංගා හා දිය පාරවල් හරහා ගමන් කිරීම අතිශයින්ම අනතුරුදායක බව සඳහන් කළ යුතුයි .පසුගිය වර්ෂ වල එවැනි කටයුතුවලදී අනතුරුදායක සිද්ධීන් වාර්තා වෙලා තිබෙන බව සිහිපත් කරන්න කැමතියි මහජනතාව තමන්ගේ ආරක්ෂාව සඳහා එවැනි කටයුතුවලින් ඈත් වී සිටීම ඉතා වැදගත්
බස්නාහිර දකුණු පළාතේ ගාල සහ මාතර දිස්ත්‍රික්කය වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් මධ්‍යම පළාතේ යම් ප්‍රදේශවලත් හදිසියේ ඇති විය හැකි විශාල මට්ටමේ වර්ෂාපතනයකදී ක්ෂණික ගංවතුර නාගරික ගංවතුර ඇතිවීමේ හැකියාවක් පවතින නිසා එවැනි මීට පෙර තර්ජනයන්ට ලක්වූ ප්‍රදේශවල පදිංචි මහජනතාව එම තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා
ජලාශවල තත්ත්වය කියන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය එහි ගේට්ටු දෙකක් විවෘත කර තිබෙනවා තත්පරයට ගණාඩි 240ක ධාරිතාවයකින් ජලය ගලාගෙන යනවා අංගමෝ ජලාශය තත්පරයට ගණාඩි 2400 දාරතාවයකින් ජලය ගලා යනවා මේ අනතුරුදායක තත්ත්වයක් නොවුනත් ඉතිරි දින කීපය තුළ ඇතිවිය හැකි වර්ෂාපතන තත්ත්වයන් තුළ මේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ සීඝ්‍රතාවයක් වර්ධනය වෙන්න පුළුවන්. මේ ගංගාවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසු වෙන්න .
කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ කුඩා ගඟේ විදුලි බලාගාරයේ ජලාශ ගේට්ටු දෙකක් විවෘත කරල තත්පරයට ගන මීටර් 45ක ධාරිතාවයකින් ජලය මුදා හරිනවා මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් බුලත් සිංහල ප්‍රාදේශ ලේකම් කොට්ඨාශය තුළ ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා .කුරුණෑගල දිස්ත්‍රික්කය දැදුරුව ජලාශය අද උදෑසනක් තිහ පමණ වන විට එහි ගේට්ටු දෙකක් විවෘත කිරීමට සැලසුම් කරලා තිබෙනවා එයින් තත්පරයට ගණනාඩි 1400 එක දාරිතාවයකින් ජලය මුදා හරි නවා අද දිනය සහ හෙට දිනයේ වර්ෂාව ලැබුණහොත් මේ ජලාශය ගේට්ටු තවදුරටත් විවෘත කිරීමට සිදුවෙනවා

https://pfpnews.lk/2024/05/20/post_id=6418/

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න