දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළය රෝග සායනයේදී මට අත් විඳින්නට සිදු වූ එක්තරා අප්‍රස සිදුවීමක් පිළිබඳව මා මෙම තීරයෙහි සටහනක් තැබුවෙමි.ඒ ක්ෂය රෝගය,ලාදුරු හෝ එහ් අයි.වී ඒඩ්ස් වැනි බෝ වන රෝග මේ රටින් තුරන් කිරීමට හෝ අවම කිරීමට එකී රෝග මර්දවයාපාර විසින් දරනු ලබන අප්‍ර්තිහත උත්සාහය සහ වයිද්‍ය වරුන් ගේ කැප වීම, ඒවායෙහි සේවය කරන ඇතැම් සුළු සේවක,සේව්කාවන් හෝ අකාරුණික සේවකයන් රෝගීනට කතා කරන,නිරපරාදේ සලකන්,අකාරාකාරය හේතුවෙන් අපතේ යන නිසාත් ,මෙවැනි සිදුවීම් වගකිව යුත්තන් ගේ අවධානය ට යොමු වීමෙන් අසරණ රෝහීන්ට කිසියම් සහනයක් අත් වේ යැයි සිතා ය.මෙහි පළ වූ සටහන දුටු ළය රෝග පිළිබඳ විශේෂ්ඤ්ඤ වයිද්‍ය නෙරන්ජන් දිසානායක මහත්මා විසින් අදාළ බලධාරීන් වෙත යොමු කරනු ලදුව එකී රෝහලේ මහජන් සෞඛ්‍ය හා සැලසුම් අංශයේ වයිද්‍ය අසේල අබේධීර මහත්මා විසින් රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්ද්නිය මහත්මිය වෙත දැනුම් දෙනු ලැබ තිබිණ.මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂකතුමිය දැනුවත් කරන්නැයි අප සමග ඉතා සහයෝගයෙන් කටයුතු කළ ජෙයෂ්ඨ වයිද්‍යවරුන් කිහිප කිහිප දෙනෙකු මා හට පැවසුයේ මෙවැනි ක්‍රියා පිළිබඳ නො දන්වා සිටීම මෙවැනි අකටයුතුකම් වැඩි වීමටත්,ඒවා වළක්වාලීමට රෝහල් බලධාරීන් දරණ උත්සාහයන්ට බාධාවක් වන බවත් සඳහන් කරමිනි.මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් දැනුවත් වඊමෙන් අනතුරුව ,අදාල නිලධාරීන් සහ අධ්‍යක්ෂක වයිද්‍ය තුමිය ඒ පිළිබඳව සයා බලා අවශ්‍ය උපදෙස් හා පිළියම් යොදා ඇති බව සැළවිණි.වෙනත් අවශ්‍යතාවයක් සඳහා අද දින ද මාහට එම සායනය් වෙත යන්නට අවස්ථාව උදා විණි.විශ්මයකි !අද වන් විට කාරුණිකව රෝගීන් අමතන,ඔවුන් ගේ පහසුකම් සලකන ඉතා කාරුණිකසේවිකාවන් පිරිසක් එහි රෝගීන්ට මානුශීය ආකාරයෙන් සළකමින් සිටිති .මේ ඇසූ දුටු මට සතුටක් ද අසරණ රෝගීන් සහ ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් ට මින් මතුව හෝ කාරුණිකව අමතා හිතේ සැනසිල්ලෙන් බෙහෙත් ලබාව්ගෙන පිටව යන්නටත් නොවරදවා බෙහෙත් බී නිරෝගීව සමජයේ අන් පුද්ගලයන් ටත් රෝගය බෝ නොකර සිටීමේ වගකීමෙන් කටයුතු කරන්නටත් රෝගීන්ද කාරුණි වෙනු ඇතැයි යන සිතිවිල්ල මිසාය.මේ සිදුවීමෙන් කිසියම් සේවක මහත්මයකුට හෝ මහත්මියකට අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු වූයේ නම් අපි ඒ ගැන කණගාටුවට පත් වෙමු.එහෙත් ඒ තත්වය අත්විඳීමෙන් ඔබට අට් දැනුණු අපහසුතාව හෝ සිත් රිදීම , ඉතා පරුෂ ආකාරයෙන් ,පහත් කොට,සලකමින් ඔබ ඇමතූ රෝගීන්ට වඩා දරුණු ආකාරයෙන් දැනෙන බව සිතා පෙරත් මෙලෙසම කාරුණිකව හැසිරුණා න්ම් කොපමණ අගේද?සෞඛ්‍ය සේවයේ වැරැදි ම හිවා දක්වමින් වාර්තා සපයනු වෙනුවට මෙවැනි ක්ෂ්ණික යහපත්,සාධනීය වෙනස්ක සිදු වෙනු දැකීමෙන් ඒවාද වාර්තා කිරීමට අපි ඉතා කැමැත්තෙමු.මේ පිළිබඳව ක්ෂ්ණිකව ක්‍රියාත්මක වී වරද නිවරද කරන්නට වෙහෙස වුණු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකතුමියට, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් වන වයිද්‍ය නෙරන්ජන් මහත්මාට සහ වයිද්‍ය පුෂ්පා මහත්මියට මහජන සෞඛ්‍ය සහ සැලසුම් අංශයේ වයිද්‍ය අසේල අබේධීර මහතාටත් සමස්ත ලංකාවාසී රෝගීන් හේ නාමයෙන් මම බෙහෙවින් කෘතවේදී වෙමි මේ තත්ත්වය ඉදිරියටත් අඛණ්ඩව රැක ගැනීමටහැකි වේවා යනුවෙනුත්, රෝගීනට ,කාරුණිකව සැලකීමට තරම් එකීකාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවනුත් දයානුකම්පිතව හැසිරේවා යනුවෙනුත් අපි පතමු.🙏

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න