ඔබ දිනපතා ආහාර සදහා ගන්නා හාල්,මිරිස්,සූදූරු,මහදුරු , කොත්තමල්ලී, පොල් තෙල්,පොල් ආදිය පුස් බැදිලා තියනවා දැකලා තියනවා නේද..?

ඔබේ පිළිතුර ඔව් නම් මෙන්න මේ පුස් වලට තමයී අපි ඇෆ්ලැටොක්සින් aflatoxins කියලා කියන්නෙ.

මීට අමතරව ඔබ ගන්නා රට කජූ, බඩ ඉරිගූ, වියළි ආහාර, කුළුබඩු, එළවළු තෙල් වර්ග ,කොකෝවා, සෝයා බොංචී , කොප්පරා, ගස් ගෙඩි සහ කිරි නිෂ්පාදන වල පුස් බැදී ඇති අයුරු බහුලව දැක තියනවා නෙද.?

මෙම පුස් විශේෂය කොපමණ වේලීමකට ලක් කරත්, කොපමණ ශීතකරණයට ලක් උනත් මේ aflatoxin විනාශ වෙන්නෙ නෑ.

මෙම පිළිකා කාරක දිලීර වර්ගය හදන්නෙ aflatoxin වංශයෙ Aspergillus flavus සහා aspergillus parasiticus නැමති දිලිර වර්ග දෙක මගින්.

මෙම උග්‍ර පිළිකා කාරකය ඇතිවිමට ප්‍රධාන හේතුන් ලෙස

** ආහාර වල නියමිත ප්‍රමිතියකින් තොරව අස්වැන්න ලබා ගැනිම .
** නිසි කාලයට ප්‍රථමව අස්වනු නෙලිම
** ආහාර සකස් කිරිමේ ක්‍රියාවලියදී
** ආහාර ගබඩා කිරිමේදී
වැනි හේතූ පෙන්වා දිය හැකිය .

මෙම නිසා ආහාර සෘජුවම aflatoxin සදහා නිරාවරණය වේ.

මෙම පිලිකා කාරකය ඇතිවීමෙ ප්‍රධාන හේතුව ලෙස ආහාර දිර්ඝ කාලයක් ගබඩා තුල ගබඩා කිරිම නිසා පුස් ඇතිවේ. පසු අස්වැනු තාක්ෂනයෙදී වී, බඩ ඉරිගූ,තිරිගූ,රටකජු ආදිය නිසි පරිදි වියළිම සිදු නොකිරිම සහ ජනතාවගෙ නොදැනුවත්ව කම පෙන්වා දීමට හැකිය .

ඔබගේ ආයු කාලය අවුරුදු 70ක් නම් ඔබ දිනපතා ස්වල්ප වශයෙන් මෙම දිලීර සහිත ආහාර ආහාරයට ගැනීමෙන් , ඔබගේ ශරීරයේ දරාගැනිමේ සිමාව ඉක්මවු විට ඔබට පිළිකා ආසාදනය ඇතිවෙන එක නියතයී.

මෙම aflatoxin උග්‍ර ක්ෂනික මරණ වලට ප්‍රධාන හේතුවකී.

පුස් කාපූ ආහාර වර්ග කිසිම අවස්තාවක ආහාර සදහා ගන්න එපා.ඒ වගෙම බඩ ඉරිගූ,හාල්,මුං ඇට සහා වෙනත් ධාන්‍ය වර්ග වලින් සකස් කරන ලද ආහාර වල aflatoxin අංතර්ගත විය හැකියි.
මේ නිසා දරුවන්ට මෙම ආහාර ලබාදිමෙන් වලකින්න.

aflatoxin පරික්ෂා කිරිමේ ක්‍රමවේද ලංකාව තුල තිබුනද ඒ සදහා ප්‍රමාණවත් පහසුකම් නොමැත.

ඔබ ලබාගන්නා ආහාර වෙළදසැල් තුලින් ඔබට අවශ්‍ය ලෙස තෝරාගෙන (මිරිස්,කහ,කොත්තමල්ලී , දුරු …) නිවස තුලට ගෙනත් එය කුඩු බවට සකස් කරගැනීමට හැකි නම් ඉදිරියෙදී ඔබගේ දරුවාගේ මළකද ඔබට දකින්න ලැබෙන එකක් නැහැ. තීරණය ඔබ සතුයි.

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක.
මහජන සෞඛ්‍ය පරීක්ෂක.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න