අද දින මහනුවර දළදා මාලිගාව අසලින්  ආරම්භ කෙරුණු ජාතියන්තර කම්කරු මැයි දින රැළිය සඳහා සියලුම දේශපාලන පක්ෂ හා සියලුම සිවිල් සංවිධාන වල ද සහභාගීත්වය විවෘත කර සුවිශේෂීම වූ මැයි්‍රලියක් මහනුවරදී දක්නට ලැබිණ.

එම කම්කරු මැයි දින රැළිය සඳහා යම් යම් දේශපාලන කණ්ඩායම් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් සම්බන්ධ විය. මෙම මැයි දින රැළිය බොහෝ පිරිසකගේ කතා බහට ලක්වනු නියතය.
මන්ද එම ඓතිහාසික දිනය ධනපති ආණ්ඩු විසින් ඔවුන්ගේ උවමනාවන් සඳහා භාවිතා කරන කාල පරිච්ඡේදයක දුර්ලභ කරුණක් වන හෙයිනි.

සහභාගි වුණු සියලු දෙනා එකමුතුව මිත්‍රශීලීව මෙම කම්කරු මැයි දින රැළියේ වැඩකටයුතු නිමාවට පත් කළහ.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිච්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න