අල්ලසට දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය නිහඬ විරෝධයක.
ප්‍රශ්න සහගත ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක ඇතුළු සැකකරුවන් විසින් ඉහළ අධිකරණවලදී ඇප ඉල්ලා පෙත්සම් ගොනුකර ඇති නමුත් ඔවුන්ට තදින් නීතිය ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව පවසමින් සහ සහ මාලිගාකන්ද උසාවියේ ඇසෙමින් පවතින නඩුව බහාතැබීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අල්ලසට දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද 30 අප්‍රේල් දින අලුත් කඩේ උසාවි සංකීර්ණයේ දී නිහඬ විරෝධයක නිරත විය.