කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මරදාන පොලීසිය ඉදිරිපිට ඇති ඩීන්ස් පාරේ සිට මරදාන විපුලසේන මාවත දක්වා වූ කොටස සම්පූර්ණයෙන්ම වසා දමා ප්‍රධාන මාර්ගයේ දැවැන්ත වේදිකාවක් ඉදිකොට ‘කිත්සිරිමේලා’ නමින් මෙම අවුරුදු උත්සවය පවත්වන අයුරු දක්නට ලැබෙනවා.

ඩීන්ස් පාර අසළ මාර්ගය ආසන්නයෙන්ම කතුරු ඔංචිල්ලාවක් බැද අවුරුදු උත්සවයට පැමිණි අය ක්‍රීඩා කරන ආකාරයද මෙහි ගිය අපට දක්නට ලැබුණා.

එමෙන්ම මෙම ස්ථානයේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් රැසක්ද සිටි අතර එහි වූ දැවැන්ත කටවුට් පුවරුවක දැක්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවුරුදු උත්සවය පැවැත්වෙන බවයි.

ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම වසා දමා මෙලෙස අවුරුදු උත්සව පැවැත්වීමට පොලීසිය අවසර ලබාදුන්නද තනි පුද්ගලයෙකුට විරෝධතා පුවරුවක් හෝ රැගෙන ප්‍රධාන මාර්ගයේ යාමට ඉඩ නොදී අත්අඩංගුවට ගන්නා ආකාරය අපට පසුගිය කාලයේ දක්නට ලැබුණා.

කිත්සිරි රාජපක්ෂ යනු කොළඹ සිටි සුප්‍රසිද්ධ මැරයෙක් වන ‘මරදානේ චොප්පේ’ ගේ පුත්‍රරත්නය වනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක් වන ඔහු බලය ඇතිදා මෙන්ම නැතිදාද වික්‍රමසිංහ මහතාට පක්ෂව ක්‍රියාකරනු ලබනවා.

මරදාන සුදුවැල් ආනන්ද රාජපරුණා මාවතේ පිහිටි කොළඹ මහනගර සභාවට අයත් අලෙවි මවුලානා උත්සව ශාලාව කිත්සිරි රාජපක්ෂ විසින් බලහත්කාරයෙන් අල්ලා අල්ලා ගෙන එම උත්සව ශාලාව ඉදිරිපිට බුදු පිළිම තබා අනවසර ඉදිකිරීම් කරගෙන යන බවට ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ම කොළඹ මහ නගර සභාවට පැමිණි කර තිබුණා.

පසුව හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන අජිත් ශ්‍රී පෙරේරා විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අතර අදාළ ඉදිකිරීම් කටයුතු නවත්වන ලෙසට පසුගිය මාර්තු 26 වැනිදා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

2018 අප්‍රේල් 4 වැනිදා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එවකට විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ එවක එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ මෙහෙයවීමෙන් පැමිණි පිරසක් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.

එම පිරිස සිරස ආයතනයේ සේවකයන් හට බාධාවන අන්දමින් හා මාධ්‍ය නිදහසට බාධා වන අන්දමින් රතිඤ්ඤා පුපුරුවා හරිමින් මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා තර්ජනය කිරීම සිදු කරනු ලැබූවේ ඒ අසළ සිටි පොලිස් නිලධාරීන් බලා සිටින විටයි.

ඒ අනුව අදාළ සිදුවීමට අදාළව සිරස ආයතනය මූලික අයිතිවාසිකම් නඩුවක්ද ගොනුකරනු ලැබූවා.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න