මෛත්‍රී ට ශ්‍රීලනිප නායකත්වය අහිමි කිරීමට තහනම් නියෝග ගත්තේ චන්ද්‍රිකා… ඇය ඉන්දියාවේ සහ අමෙරිකාවෙ හිතවාදී බළල් අතක්!ඉන්දියාවේ මැදිහත් වීමෙන් යහපලානේ ගේන වැඩේ එදා හිටියේ චන්ද්‍රිකා..

මෛත්‍රී කිව්වා පාස්කු සිද්ධිය පිටුපස ඉන්දියාව ඉන්නේ කියලා… එහෙම ඉන්දියාව සම්බන්ධයි කියලා සතියක් ගතවුනේ නැහැ..මෛත්‍රී ට පක්ෂය අහිමි වුනා..

ලෝක බලවතුන්ගේ “දඩ බිමක්‌” වූ මේ මොහොතේ ලංකාව පාලනය ට සුදුසු රනිල් වැනි අත්දැකීම්, පළපුරුද්ද තියෙන “කපටි නරියෙක්” මිස, ළපටි අනුර කුමාර නොවේ.

ඉන්දියාව, අමෙරිකාව රනිල් ට අකමැති ඔහු කපටිය නිසා.
ලංකාවට අවම හානියක් සහිතව ගොඩයන්න ඉන්න එකම නායකයා රනිල් පමණයි.

මේ දේශපාලන කකුල් මාට්ටු වලින් බේරිලා ඔක්කොම “බැලන්ස් කරගෙන” යන්න පුළුවන් කපටියෙක් අපට ඕන රජ කමට..!

අනුර වගේ රාජ්‍ය පාලනයේ අත්දැකීම්, පළපුරුද්ද නැති, තානපතිලා ඉදිරියේ බයාදු ලෙස ඔළුව නවාගෙන ඉන්න පුද්ගලයෙක් නොවේ..

ඉන්දියාව, ඇමෙරිකාව අනුරට මෙතරම් “ලව් ” කරන්නේ ලංකාවේ රජ කමට දුබලයෙක් ආවම ඔවුන්ට වාසි නිසාය..

අනුර ඇවිත් රට සරු සාර වීම කෙසේ වෙතත් ” යහපලානේ අංක 02 සහ ගෝටාභය සහ වියත්මගේ අංක 02 අපට අතවිඳින්න පුළුවන් වෙයි… නමුත් එවැනි අවදානමකට මේ රට පත්කරනවා ද.. නැතහොත් තෙල් පෝලිම් ආදිය නැතිකරලා රට යන්තම් යහපත් දිශාවට මෙහෙයවන රනිල් ට සහාය දෙනවාද?

තීරණය ඔබේ අතේ.

හිතලා බලන්න!

” තංගල්ලේ අපි ” වෙනුවෙන් පුංචිහේවා

2024.04.25

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න