ශ්‍රී ලංකාවේ දස අත දියේ ගිලීම් වන ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට හදුනා ගනිමින් පවතී.එම ස්ථාන වල අනතුරු ඇගවීමේ පුවරු 500 කට අධික ප්‍රමාණයක් සවි කිරීමට නියමිතය.එම පුවරු සවි කිරීම සම්බන්ධව සේවා සපයන්නන්/සැපයුම්කරුවන් තෝරා ගැනීමට අදාලව විශේෂ රැස්වීමක් මේ මොහොතේ (2024.04.24 පෙරවරු 11.30) කොළඹදී පැවැත්වේ . තවත් මාසයක් ඇතුලත මෙම පුවරු සවි කිරීමට යෝජනා වී තිබේ. මෙම රැස්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් සංවර්ධන කේ පී යෝගචන්ද්‍ර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ ඒකකයේ ප්‍රධානී වි වෛද්‍ය සමිත සිරිතුංග , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.
මුල් පිටුව සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වි වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය ශ්‍රී...