පැරිස් මාලිමාවේ “සරා ගොයියලා” !

“සරා ගොයිය හරි මිනිහා දවසක් දඩයමේ ගියා ” සුප්‍රකට සිංදුව තියෙන්නේ 1956 තිරගතවූ “දෛව විපාකය ” බයිස්කෝප් එකේ‍ය.

2024 දී නැවත මෙම ගීතය නව අර්ථයකින් ගායනා කරන්නේ පැරිස් නුවර ජීවත්වෙන ලාංකික ප්‍රගතිශීලි පිරිසකි.

ගීතයට අනුව රඟපාන්නේ අප හිතවත්, පැරිස් ඉන්න භාරත තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ප්‍රගතිශීලි ලාංකිකයින් සහ පැරිස් JVP ශාඛාවේ නිලධාරී මණ්ඩලයයි.

ගීතයට අනුව, සරා නමැති පුද්ගලයා තුවක්කුවත් කරේ තියාගෙන දඩයමේ යන අතර පොලිස් රාළහාමි කෙනෙක්ට මුලිච්චිවෙයි . සරා එකවරම දුවන්න පටන්ගනියි.රාළහාමි සරා ව ලුහුබඳියි.
නියරවල් දිගේ, මඩේ වැටෙමින් සරා ව ලුහුබඳින රාළහාමි සහ සරා දෙන්නටම දැන් හතියි, මහන්සියි. සරා ගහක් යට වාඩිවෙයි. රාළහාමි සරාගෙන් තුවක්‌කුවට අදාළ රජයේ බලපත්‍රය හෙවත් ” ලයිසන් එක “, “ලයිසම” ඉල්ලයි. සරා තම ඉනේ රඳවා තිබුන “ලයිසම” රාළහාමිගේ අතට දෙයි.

තුවක්කුවට “ලයිසම” තියෙද්දී, මොකද මිනිහෝ උඹ මම එනකොට දිව්වේ?

ඇයි රාළහාමි දුවන්නත් ලයිසමක්‌ ගන්න ඕනද? යනුවෙන් කපටි සරා විමසයි.

රාළහාමි ලැජ්ජා වෙලා ආපසු යයි.

පැරිස් ඉන්න සරා ගොයියාලා සෙට් එක තමයි භාරත තෙන්නකෝන් මහතා ඇතුළු ප්‍රගතිශීලි සෙට් එක.

ඒ උදවිය මෙසේ විමසයි.

” පැරිසීයේදී මාලිමාවට කඩේ යන්න, පැරිස් JVP ශාඛාවෙන් ලයිසමක් ගන්න ඕන ද “?

එය සාධාරණ ප්‍රශ්නයකි.

මේ සිදුවීම තුළ ගැඹුරු දේශපාලනයක් ඇත. ජනරැල්ල දකිනවිට සහ බලය ගැනීම ආසන්න යැයි මතුපිටින් පෙනෙන විට සමාජයේ මිනිස්සු හැසිරෙන ආකාරය අවබෝධ කරගන්න මේකත් හොඳ සිදුවීමකි.ඒ වගේම තමන්ට බලය නියත යැයි හිතන JVP ට ආවේණික අධිතක්සේරු
උඩඟු බවට ද මෙය හොඳ නිදසුනකි.

සරා ගොයියා කපටිය වුනාට පැරිස් මේ සෙට් එක එහෙම කපටි මිනිස්සු නොවේ.තමන්ට යම් ආර්ථික සුරක්ෂිත බවක් තියෙන වයස අවුරුදු පනහත් පැනපු පිරිසක්‌ වැඩිපුර ඉන්න, පැරිස් නුවර දුකට සැපට දෙකටම ඉන්න ප්‍රගතිශීලි සෙට් එකකි.

රාජපක්ෂලා කොටියා මරණ විට, රාජපක්ෂ පන්නා යහපලානේ එනවිට, අරගලය ඇවිත් ගෝටාභය පන්නන විට “ඔටෝ
චූං ” වුනෙත් අඩු වැඩි වශයෙන් මේ පිරිසමය.මේ පිරිස එහෙම හැසිරෙන්නේ පැරිස් ඉන්න වැඩිම දේශපාලන සංවේදී පිරිස මේ උදවිය නිසාය.

ලංකාවේ ජනතාවට යහපතක් කිරීමට පිරිසිදු චේතනා ඇතිවම මාලිමාවට සහාය දැක්වීමට සිය කැමැත්තෙන්ම ඉදිරියට ආවේ යැයි මේ පිරිස කියන කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ජන රැල්ලක් පෙනෙන විට තමයි මිනිස්සු පිබිදිලා එන්නේ කියන එක තේරුම්ගන්න ඕනෑය.

මෙච්චර කල් පැරිස් JVP කෙරුවේ ඔය නිලධාරී සෙට් එකය. JVP 3% ට වැටී හොම්බෙන් යන වේලි වේලි ඉන්න කාලයේදී එහෙම තමයි.

පරාජයට කිසිවෙක් දායක වෙන්න අකමැතිය.

දැන් JVP බලයට එන්න ඔන්න මෙන්න වගේ මතුපිටින් පෙනෙනවාය. ඒ අනාගත ජයග්‍රහණයේ හවුල් කරුවන්, දායකයින් වීමට පැරිස් පිරිස පොරකකා එන්නේ ජයග්‍රහණයට පියවරු ගොඩාරියක් ඉන්නවා කියන කතාව සිහිපත් කරමින්ය.

එහි කිසිදු වරදක් දෝසයක් නැත. මිනිස්සු හැසිරෙන්නේ එහෙම තමයි ය.

පැරිස් ඉන්නJVP දේශපාලන නිලධාරීන් කරන්න ඕන ඒ තත්වය අවබෝධ කරගෙන එය සූක්ෂ්මව කළමනාකරණය කරගෙන ඒ අලුත් පිරිසට විවිධ වගකීම් පවරා පොදු වැඩේට දායක කරගැනීමය.

එක කතිරය පවා ජයග්‍රහණයට තීරණාත්මක බලපෑමක් කරන බව JVP නිලධාරීන් නොදන්න බව මෙයින් පෙනී යයි.

පැරිස් ඉන්න “මෝඩ පොලිස් රාළහාම්ලා” යනු පැරිස් JVP ශාඛාවේ නිලධාරී මණ්ඩලයයි.

හැබැයි, සරා ගොයියාව ලුහුබැඳි රාළහාම් වගේ පැරිස් JVP නිලධාරීන් තවම මඩ නෑවේ නැත! ඔවුන්ට හති වැටුනේ ද නැත!

මඩ නාන්න හෝ හති වැටෙන්නට නම් රාළහාමි වගේ දුවන්න ඕනෑ ය!

ඒ කියන්නේ පැරිස් තුළ සක්‍රියව JVP දේශපාලනයේ යෙදෙන්න ඕනෑ ය.

මරණයට මගුලට දානෙට පිං කමට යන්න ඕනෑය. හැබැයි ඉතිං කීයක් හරි හම්බුකරගන්න පැරිස් ගිය උදවියට ඕවා කරන්න වෙලාවක් නැති බව ඇත්ත ය.

ඒ වගේම පැරිස් මිනිස්සු එකතු කරගන්න එකත් ලේසි පහසු නැත. කැපිලි,කෙටිලි, යටි උගුල්,පෙත්සම් ගැහිලි, කල්ලි වාද ඔක්කොම අඩුවක් නැතිව පැරිස් නුවර ද තියෙන්නේ අපි “ශ්‍රී ලාංකිකයින් ” බැවිනි.

පැරිස් නුවර ” මාලිමාව ” ට වෙනම සංවිධානයක් නැත. JVP සහ මාලිමාව දෙකම භුක්තියට සින්නවෙලා තියෙන්නේ JVP නිලධාරී මණ්ඩලයටය.

මේ නිලධාරී මණ්ඩලයට අනුව බැලුවොත් පැරිස් නුවර JVP කරන්න හෝ මාලිමාව වෙනුවෙන් පෙනීහිටින්න හෝ මෙම නිලධාරී මණ්ඩලයෙන් “ලයිසම” ගන්නම ඕනෑය!

JVP කරන්නට, ඒ වගේම JVP වෙනුවෙන් නිලවශයෙන් පෙනීහිටින්න JVP එකෙන් ” ලයිසම ” ගතයුතු වුවද JVP එකේ දේශපාලන මතය වෙනුවෙන් පෙනීසිටීම
සඳහා JVP එකෙන් ලයිසම් ගන්න වුවමනා නැත.

ඒ අයිතිය ලංකාවේ පුරවැසියාට තියෙන පිරිසිදු අයිතියකි.හේතුව තමයි JVP එක බලය ඉල්ලන්නේ රටේ ජනතාවගෙන් නිසා ය. එබැවින් ජනතාවට, පුරවැසියාට JVP UNP, SLFP කී නොකී ඕනෑම දේශපාලන පක්ෂයක්‌ ප්‍රවර්ධනය කිරීම සඳහා එම පක්ෂයේ “නිල අවසරය” හෙවත් “ලයිසම”
අවශ්‍යම නැත.ඒ වගේම ඕනෑම පක්ෂයක් විවේචනය කිරීමට ඒ වගේම අයිතියක්‌ පුරවැසි අපට තිබේ.

හැබැයි LTTE එක වෙනුවෙන්, සහරාන්ල වැනි උදවිය වෙනුවෙන් පෙනී හිටින්න පුරවැසි අපට අයිතිය නෑ. ඒවා තහනම්!
හේතුව තමයි ඒවා රාජ්‍යයට එරෙහි සංවිධාන නිසා ය.

දැන් භාරත තෙන්නකෝන්ලා විසින් JVP එකෙන් විමසන්නේ, ” මාලිමාවට කඩේ යන්න, JVP උඹලා රාළහාමිලාගෙන් අපි ලයිසම් ගන්න ඕන ද “? කියලා ය.

ඇයි අපි කළු ද? කියලා ය. අපේ ඡන්ද එපා ද? කියලාය.” මාලිමාවට ඡන්ද ඕනැවටවත් වඩා වැඩි ද ” කියලා ය.

දැන් පැරිස් JVP නිලධාරීන් වහාම කරන්න ඕන වැඩේ තමයි පැරිස් නුවර ලොකු රැස්වීමක් සංවිධානය කිරීමය. ඒ වගේම එම රැස්වීමේ සංවිධාන කටයුතු ඇතුළු වියදම් දැරීම් ආදිය සඳහා අප හිතවත් භාරත ප්‍රමුඛ පිරිසට අවස්ථාව සහ සුදුසු වගකීම් පවරා බාරදීමය. එහෙම දේශපාලන ඔළුවක් පැරිස් JVP නිලධාරීන්ට නැති බව මගේ අවබෝධයයි.

“බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ ” කිව්වලු!

JVP නිලධාරීන්ගේ උවමනාව වනුයේ ජයග්‍රහණයේ කුසලානය තනිවම අයිති කර ගන්නය. ඒක ඉතාම පටු අදේශපාලනික මතයක් බව කියන්නම ඕනෑය. එක කතිරයක වටිනාකම සමස්ත මැතිවරණයක ප්‍රතිඵල තීරණය කරනබව දැනගත යුතුය.

විජේවීරගේ, සෝමවංශගේ යුග තුළ ද මැතිවරණ කාලයට පක්ෂ සංවිධානයන්ට අමතරව මැතිවරණ සංවිධාන හදනවාය. ඒවා මැතිවරණයට පසුව විසුරුවා හරියි.

මැතිවරණ සංවිධානයට එන උදවිය සිගරට් අරක්කු බොන ඔය අපි හැමෝම වගේ කරන පොඩි පොඩි වැරදි කරන අඩුපාඩු තියෙන මිනිස්සුය.පෝලිම් බූත් එකට දාන්න, කාර්යාල දාන්න, වාහන දෙන්න උදව් උපකාර ඔක්කොම කරන්නේ ඒ සාමාන්‍ය මිනිස්සුය. එහි දිගුවක් තමයි ” මාලිමාව ” කියන්නේ. එනිසා මාලිමාවට එන මිනිස්සු කවුරු වුනත් ඔවුන් සාදරයෙන් පිළිගන්න එක JVP එකේ වගකීමකි. නැත්නම් කොහොමද බලය ගන්නේ?

අනුර, ටිල්වින්, හඳුන්, ලාල් විජිත ආදීන්ට සදාචාර විරෝධී වැඩ කරා යැයි, පක්ෂ විනය කැඩුවා යැයි තිබෙන ප්‍රසිද්ධ චෝදනා වැනි මෙහි ලියන්න බැරි චෝදනා හා සමාන ලැජ්ජා නැති වැඩ කරපු මිනිසුන් පැරිස් ප්‍රගතිශීලි පිරිස තුළ නැති බව මට වගකීමෙන් කියන්න පුළුවන්ය.

ඒ වගේම පැරිස් මාලිමාව රැස්වීමක් කරන්න ඕන එළඹෙන මැයි 01 දාට පෙර බව කිවයුතුමය. මැයි 01 දා සිට හැමෝම සෙනග පෙන්වන තරගය ආරම්භ කෙරුවට පසුව මාලිමාව රැල්ලට නරක අතට ලොකු බලපෑමක් වෙනවා වගේම දේශපාලන පිටිය වෙනස්වෙන්නට ද නියමිතය. ප්‍රමාදය හොඳ මදිය!

අනුර කුමාර ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වෙන්නේ නැත. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාලිමාවට මන්ත්‍රී ධූර 48 ත් 52 ක්‌ අතර සංඛ්‍යාවක් මිස ඉන් එහාට යන්න නොහැකිය.

මේවා ලියන්න උඹට තියෙන රුදාව මොකක්ද යැයි යමෙක් මගෙන් ඇහුවොත් මට කියන්න තියෙන්නේ මම ප්‍රංශ පුරවැසි හෝ ලංකාවේ ද්විත්ව පුරවැසි හෝ නොවේ ගෙඩිය පිටින්ම ලංකාවේ පුරවැසි නිසා කියලාය.

ලංකවේ ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් ” භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට : මට තිබෙන හිමිකම යටතේ තමයි මම මේ ලියන්නේ.

මෙම සිද්ධිය පිටුපස ද මහා මොළකරුවකු සිටින අතර ඔහු පැරිස් JVP එකේ හිටපු පොරක් වන අතර මේ දිනවල ඔහු ඉන්නේ ලංකාවේ බව ද ප්‍රකාශ කරමි.

මෙම ලිපියේ දෙවෙනි කොටස තුළින් මහ මොළකරු සහ මේ ප්‍රගතිශීලි පිරිස කොන් වුන හේතුව සමග ලබන සතියේ හමුවෙමු.

“තංගල්ලේ අපි ” වෙනුවෙන් පුංචිහේවා
2024.04.07

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න