~~1960 ගනන්වලදී ජවිපෙ ආරම්භවූයේ, සිංහල ජනතාවාදය මාඕවාදය සහ කැස්ත්‍රෝවාදී ගොවිජන ගරිල්ලාවාදයේ විෂකුරු මිශ්‍රනයක් මත පදනම්ව, අතෘප්තියට පත් ගම්බද තරුනයින් බඳවාගත් සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් වසයෙනි.
1980 ගනන්වලදී, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ දක්ශිනාංෂික එක්සත් ජාතික පක්ෂ (යූඇන්පී) ආන්ඩුව විසින් ප්රකෝපකරනු ලැබූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව වර්ගවාදී යුද්ධයේ කැපවූ ආධාරකරුවන් වෙමින් ජවිපෙ දකුනට පැද්දේ ය.
පසුගිය දශක තුන තුලදී, එහි හිස් සමාජවාදී වාංමාලා දෙඩවිලි බැහැර කරමින් ද කොලඹ දේශපාලන සංස්ථාපිතයයේ පාර්ලිමේන්තු පක්ෂයක් බවට රූපාන්තරනය වෙමින් ද වේගයෙන් දකුනට ගමන් කිරීම අඛන්ඩව කරගෙන ගියේ ය. එය, 2004 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ධනපති ආන්ඩුවට සම්බන්ධවූ අතර ජවිපෙ නායකයන් 4 දෙනෙකු එහි කැබිනට් අමාත්‍යධුර දැරුවෝ ය.
කම්කරුවන් හා තරුනයින් අතර පුලුල්ව අපකීර්තියට පත්වූ එය, 2015දී ජාතික ජන බලවේගය (ජාජබ) පිහිටුවා, දැන් පලල් මැතිවරන පෙරමුනක් වසයෙන් “රට බේරාගැනීමට”, එනම් ධනපති ක්‍රමය පිම්බීම සඳහා දේශපාලන බලය ලබාගැනීමට කේවල්කරයි.
මෑතවසරවලදී, මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේ
මුල් පිටුව පුවත් 1960 ගනන්වලදී ජවිපෙ ආරම්භවූයේ, සිංහල ජනතාවාදය මාඕවාදය සහ කැස්ත්‍රෝවාදී ගොවිජන ගරිල්ලාවාදයේ විෂකුරු...