ඔටිසම් රෝගයෙන් පෙලෙන දරුවන් අධික ලෙස විද්‍යුත් තිර භාවිතයට පෙළඹී ඇති බවත් එය අයහපත් තත්ත්වයක් බවත් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කළේය.

සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශයේ දී ඊයේ දින(26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කථන හා භාෂා චිකිත්සක මල්කා ජයතිලක මේ බව සහදන් කළේය.

මේ අනුව ඔටිසම් රෝගයෙන් පෙලෙන දරුවන් මෙලස විද්‍යුත් තිර භාවිතා කිරීමේ දී අනෝන්‍ය සම්බන්ධතා ගොඩනගා ගැනීමේ කුසලතාවය දියුණු නොවේ. මෙම තත්ත්වය ඔටිසම් රෝගයෙන් පෙලෙන දරුවන්ට අයහපත් ආකාරයෙන් බලපානු ලබනවා. මෙම රෝගයෙන් පෙලෙන දරුවන්ව විද්‍යුත් තිර භාවිතයෙන් ඉවත් කොට එදිනෙදා වැඩපල වල නිරත කරවීම ඉතාම සුදුසු බව ද ඇය මෙහිදී පැවසීය.

ලෝක ඔටිසම් දිනය අප්‍රියල් 2ට යෙදී තිබේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න