“මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්!
බොරු සමීක්ෂණ නහුතයයි, පෝලින් ඩිවිෂන් 160 යි “

“මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්, හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය, මුල්කිරිගල ඡන්ද කොට්ඨාසය “

එය ඔබ‍ට හුරු පුරුදු කියමනක්!

මැතිවරණ දිස්ත්‍රික්කය, පරිපාලන දිස්ත්‍රික්කය, පැරණි මැතිවරණ කොට්ඨාස ය, “පෝලින් ඩිවිෂන් එක ” “පෝලින් බූත් එක” ආදිය මැතිවරණයකදී නිතරම කණට ඇහෙනවා.

මැතිවරණ දිස්ත්‍රික්කය( electoral district ) යනු කුමක්ද?

පාර්ලිමේන්තු මැතිවරණය ( සහ පළාත් සභා මැතිවරණය ) පැවැත්වීමේදී මූලික ඒකකය ලෙස, පදනම ලෙස, එනම් මැතිවරණ කොට්ඨාසය ලෙස යොදාගන්නේ “මැතිවරණ දිස්ත්‍රික්කය”යි.

දිස්ත්‍රික්ක පදනමින් සමානුපාත නියෝජන ක්‍රමය අනුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා පත්කරනවා.

ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක්‌ තියෙනවා.

එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට නියමිත මන්ත්‍රී සංඛ්‍යාවක් තියෙනවා. ඒ ඔක්කොම එකතුව 196 යි.

ජාතික ලැයිස්තුවෙන් 29 යි. එකතුව 225 යි.

ඉහත ආකාරයට පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණය වුනේ 1989 පාර්ලිමේන්තු මැතිවරණයයි .

1989 ට පෙර පාර්ලිමේන්තු මැතිවරණ තිබුනේ දිස්ත්‍රික්කය පදනම් කරගෙන නොවේ. දිස්ත්‍රික්කය තුළ පැරණි ඡන්ද කොට්ඨාස පදනම් කරගෙනය . කොට්ඨාසයේ වැඩිම ඡන්ද ගනිපු අපේක්ෂකයා පමණක් පාර්ලිමේන්තුවට තේරී පත්වුනා. සමානුපාත ක්‍රමය නොව සරල බහුතර ක්‍රමය / කේවල ක්‍රමය.

ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද?
22 යි.

ලංකාවේ පාළාත් 09 ය තුළ පරිපාලන දිස්ත්‍රික්ක (administrative district ) 25 ක්‌ ඇත. එසේනම් මැතිවරණ දිස්ත්‍රික්ක ගණන 22 ක්‌ වුනේ කොහොමද?

යාපනය පරිපාලන දිස්ත්‍රික්කය සහ කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය එකතුකරලා එක මැතිවරණ දිස්ත්‍රික්කයක්‌ ලෙස සලකා ඇත. එය යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය වේ.

මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය, මන්නාරාම පරිපාලන දිස්ත්‍රික්කය සහ වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කය එකතුකරලා එක මැතිවරණ දිස්ත්‍රික්කයක්‌ ලෙස සලකා ඇත. එය වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වේ.

එබැවින් පරිපාලන දිස්ත්‍රික්ක 25 ක්‌ වුවද මැතිවරණ දිස්ත්‍රික්ක 22 කි.

රටේ අනෙකුත් මැතිවරණ දිස්ත්‍රික්ක ලෙස සලකන්නේ අදාළ පරිපාලන දිස්ත්‍රික්කයම තමයි.

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයම තමයි හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය.

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයම තමයි ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය.

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය, දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය ලෙස හඳුන්වනවා. ඒක නමේ වෙනසක් පමණයි.

මොකක්ද මේ “පෝලින් ඩිවිෂන් “( polling division ) කියන්නේ?

ලංකාවේ පැරණි, ඡන්ද කොට්ඨාස ඔබ‍ට මතක ඇති. “මුල්කිරිගල ආසනය “
” වත්තල ආසනය ” ” මහරගම ආසනය ” ඔන්න ඔය කියන ආසන 160 ක්‌ තිබුන.

එලෙස ” ආසන ” ලෙස කටවහරේ හැඳින්වූ පැරණි ඡන්ද කොට්ඨාසය තමයි ” පෝලින් ඩිවිෂන් “( polling division ) ලෙස හඳුන්වන්නේ.

1977 දී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනේ ඔන්න ඔය පැරණි ඡන්ද කොට්ඨාස හෙවත් “ආසන”160 සඳහාය.

1974 දී පත්කරන ලද නොයෙල් තිත්තවැල්ල කොමිෂන් එකෙන් තමයි ඡන්ද කොට්ඨාස 160 ක්‌ ලෙස සීමා ලකුණු කරල 1976 දී ප්‍රකාශ කළේ. එයට පෙර තිබුනේ ඡන්ද කොට්ඨාස 145 යි.

ඒ අනුව ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 යි. පැරණි ඡන්ද කොට්ඨාස හෙවත් පෝලින් ඩිවිෂන් 160 යි.අදටත් එය වලංගුයි.

නව මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නට ගියොත් ඉහත පෝලින් ඩිවිෂන් 160 ගැන පසුවිපරම් කරලා අදට ගැලපෙන ලෙස නැවත සීමා නිර්ණය කරන්න වෙනවා.ඒ සඳහා අවුරුදු දෙකක්වත් ගතවෙනවා.

1977 දී පැරණි ඡන්ද කොට්ඨාස 160 ක්‌ වුවද පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 168 ක්‌ තේරී පත්වුනා. ඒ කොහොමද?

බහු ආසන ක්‍රමය නිසා එහෙම වුනේ.

පොදුවේ එක ඡන්ද කොට්ඨාසයට එක මන්ත්‍රී වරයෙක් පමණක්‌ වුවද විවිධ ජනවර්ග ඉන්න ඡන්ද කොට්ඨාස තුළ බහු ආසන ක්‍රමයක්‌ තිබුන ( අද තියෙන සමානුපාත ක්‍රමයේ මුල් අවස්ථාවක්‌ ලෙස හඳුන්වන්නත් පුළුවන් )

නුවරඑළිය- මස්කෙළිය පැරණි ඡන්ද කොට්ඨාසයට මන්ත්‍රීවරු 03 යි.

මැද කොළඹ පැරණි ඡන්ද කොට්ඨාසයට මන්ත්‍රීවරු 03 යි.

බේරුවල පැරණි ඡන්ද කොට්ඨාසයට මන්ත්‍රීවරු 02 යි.

හාරිස්පත්තුව පැරණි ඡන්ද කොට්ඨාසයට මන්ත්‍රීවරු 02 යි.

මඩකලපුව පැරණි ඡන්ද කොට්ඨාසයට මන්ත්‍රීවරු 02 යි.

පොතුවිල් පැරණි ඡන්ද කොට්ඨාසයට මන්ත්‍රීවරු 02 යි.

ඒ ආකාරයට තමයි1977 පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 168 ක්‌ තේරී පත්වුනේ.

( ඒ 168 න් 140 ක්‌ම එජාප අලියා මන්ත්‍රීල, නිසා 1977 දී “හයෙන් පහක් ” අලියට ආවා )

අද දවසේ එකී පැරණි ඡන්ද කොට්ඨාසය,” ආසනය, ” පෝලින් ඩිවිෂන්” මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නවාද?

ඔව්. නීතියට අනුව ” මැතිවරණ කොට්ඨාස ය ” වනුයේ ” මැතිවරණ දිස්ත්‍රික්කය” වුවද මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරී, පරිපාලන කටයුතු පහසුව සඳහා අදත් එම පැරණි ඡන්ද කොට්ඨාස ( පැරණි ආසන) හෙවත් “පෝලින් ඩිවිෂන්” යොදා ගනුලබනවා

අදත් පැරණි ඡන්ද කොට්ඨාස , ආසන
පදනමින් තමයි ඡන්දය ගණන් කරන්නේ, මුලින්ම නිල ප්‍රතිඵල නිකුත් කරන්නේත් පැරණි ඡන්ද කොට්ඨාස පදනමින්. “පෝලින් ඩිවිෂන් ” ලෙස ප්‍රතිඵල කියන විට සඳහන් කරන්නේ ඒ පැරණි ඡන්ද කොට්ඨාසයේ නම තමයි.

ඒ වගේම දේශපාලන පක්ෂ තමන්ගේ සංවිධායකයින් පත්කරන්නේත් , සියලුම සංවිධාන කටයුතු කරන්නේත් පැරණි ඡන්ද කොට්ඨාසය, පැරණි ආසනය හෙවත් ” පෝලින් ඩිවිෂන් ” 160 පදනම් කරගෙනය.

ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොට්ඨාසය වනුයේ මුළු රට ය.

එහෙත් ප්‍රායෝගිකව සිදුවන්නේ ඉහත දැක්වූ පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්ද ගණන් කිරීම,පළමුවටයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීම ආදිය සිදුවන ආකාරයටම ජනාධිපති වරණයේදීත් පළමුව ” පෝලින් ඩිවිෂන් ” හෙවත් පැරණි ආසන ප්‍රතිඵල නිකුත් කරනවා. ඉන්පසු මැතිවරණ දිස්ත්‍රික්ක පදනමින් ප්‍රතිඵල නිකුත් කරලා ඉන්පසු ඔක්කොම එකතුව, රටේම ප්‍රතිඵල නිකුත් කරලා ජනාධිපති ලෙස තේරී පත්වූ අපේක්ෂකයා කවුද කියලා නිල වශයෙන් කියනවා.

“පෝලින් ස්ටේෂන් “” සහ පෝලින් බූත් ” යනු කුමක්ද?

ඡන්දය ලකුණු කරලා පෙට්ටියට දැමීම සඳහා විශේෂයෙන් නම් කරපු ස්ථානයක්‌ තියෙනවා නේ. ගමේ නගරයේ පාසලක්‌, ප්‍රජා ශාලාවක්, වැනි තැනක්.අන්න එතැන තමයි “ඡන්ද මාධ්‍යස්ථානය”( polling station )

එහිදී ලැබෙන ඡන්ද පත්‍රිකාවේ කාටවත් නොපෙනෙන ලෙස රහසේ කතිරය ගහන්න වෙනම තැනක් හදලා තියෙනවා. තුන් පැත්තකින් ආවරණය කරලා තියෙන්නේ. ඒ තමයි “පෝලින් බූත් “(polling booth ) එක.

කට වහරේ ” පෝලින් ස්ටේෂන් ” “පෝලින් බූත් “යනුවෙන් පොදුවේ යෙදෙන්නේ ඡන්දය දාන්න තියෙන ස්ථානය.කතිරය ගහල පෙට්ටියට දාන්න තියෙන තැන.
එය ඡන්ද පොළ (polling booth ) හෙවත් ඡන්ද මධ්‍යස්ථානය (polling station ) වේ.

ඔබ දන්නා ඉහත කරුණු නැවත සඳහන් කළේ අද දේශපාලන කතා බහේ, වාද විවාදයේ යෙදෙන සමහර උදවිය මේ මූලික කරුණු අමතක කරලා අදහස් දක්වන නිසා.

මේ කරුණු මතකයේ තියෙනවානම් ” බොරු සමීක්ෂණ ” පදනම් කරගෙන සිදුකරන ප්‍රතිඵල පුරෝකථන පිළිබඳව ඔබ‍ට විචාරශීලීව හිතන්න පුළුවන් වෙනවා.

ඒ වගේම, මේ කඩිමුඩියේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගනිපු තීරණය ගැන අදහස් දක්වන්නට මේ දැනුම ඔබ‍ට අත්‍යවශ්‍යම වෙනවා.

එහෙම නැති වුනොත් අහවලා මෙහෙම කිව්වා..! ඒ නිසා ඒක තමයි නිවැරදි එක,

අපේ පක්ෂය එහෙම කිව්ව‍, ඒ නිසා ඒක තමයි නිවැරදි එක, කියලා නිගමනය කරන දේශපාලන අනුගාමිකයෙක් බවට ඔබ ඉබේම පත්වෙනවා

රූපවාහිනීයට ඇවිත් වාචාල කතා කියන, තුන් හුලස් පච දෙසාබාන දේශපාලන තක්කඩින්ට රැවටෙන මානසික වහලෙක් බවට ඔබ ඉබේම පත්වෙනවා.

එහෙම නොවී ඔබගේම අදහසක්, මතයක් දක්වන්න ඉහත කරුණු මතකයේ තියෙන්නම අවශ්‍යයි.

ඊළඟ දවසේ “ඡන්දය සහ මනාපය ” අතර වෙනස කතාකරමු.

ජයවේවා!

“තංගල්ලේ අපි ” වෙනුවෙන් පුංචිහේවා
2024.03.27

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න