අධි ආරක්ෂිත බන්ධනාගාරයක් පාලනය කරන සිරකරුවෙක් …. යන මැයෙන් 2023.10.08 වන දින ඉරිදා දිවයින පුවත් පතෙහි පළ වු වාර්තාව සම්බන්ධයෙන් පරීක්ෂා කර නිර්දේශ ලබාදීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටු පරීක්ෂණ වාර්තාව එම කමිටුවේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා විසින් අධිකරණ අමාත්‍යතුමා වෙත භාරදීම අධිකරණ අමාත්‍යාංශයේදී අද (26) පස්වරුවේ සිදු විණි.
ඉරිදා දිවයින පුවත් පතෙහි පළ වු වාර්තාව සම්බන්ධයෙන් පරීක්ෂා කර නිර්දේශ ලබාදීම සදහා වන කමිටුව අධිකරණ අමාත්‍යතුමා විසින් 2023.10.16 වන දින පත් කරන ලද අතර, එහි සෙසු සාමාජිකයින් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි දිසානායක, නීතිඥ අමල් ඒ. රන්දෙණිය යන මහත්වරුන් කටයුතු කරන ලදී.
ඒ අනුව බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ විධිමත් ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන බවත්, මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය හා පොලිස් විශේෂ කාර්යය හා රාජ්‍ය බුද්ධි ඒකකය අධීක්ෂණය යටතේ සිදු කරන බවත් එම වාර්තාවේ නිරීක්ෂණවල දැක්වේ.
එම නිරීක්ෂණවල මෙසේද සදහන් වේ. බන්ධනාගාරයේ තාප්පය නිසි ලෙස පවතින බැවින් තාප්පයට උඩ පවතින මුර කුටිවල විශේෂ කාර්ය බලකා නිලධාරීන් රැදි සිටින නිසා පිටතින් කිසිවෙක් බන්ධනාගාරය තුළට ඇතුළු නොවන බව, රැදවියන් බැලීමට පැමිණෙන සියලු දෙනා විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් වෙත ලබා දෙන බව, මෙහි සියලු බාහිර පරීක්ෂාවන් විශේෂ කාර්යය බලකාය මගින් සිදු කෙරෙන බව ඇතුළු කරුණු 07 ක් ඔස්සේ කමිටුව නිරීක්ෂණ සිදු කර තිබේ.
එම කමිටු වාර්තාවේ නිර්දේශවල මෙසේ සදහන් වේ. බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සම්බන්ධව ඉදිරියේ මෙවැනි චෝදනා ඉදිරිපත්වීම වලක්වා ගැනීම පිණිස බන්ධනාගාරයේ සියලු අංශ ආවරණය වන පරිදි සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි කිරීම හා ක්‍රියා විරහිතව පවතින සීසීටීවී කැමරා ක්‍රියාකාරී තත්වයට පත් කිරීම, රැදවියන්ගේ මානසික මට්ටම ගොඩ නැගීම සදහා මනෝ වෛද්‍යවරයෙකුගේ හෝ උපදේශන නිලධාරීයෙකුගේ අධීක්ෂණයකට යොමු කිරීම, මෙම බන්ධනාගාරය තුළ සේවය කරනු ලබන නිලධාරීන් දීර්ඝ කාලයක් රදවා තබා නොගෙන ඉතා කෙටි කාලයක් තුළ ස්ථාන මාරු කිරීම, ජංගම දුරකථන බන්ධනාගාර තුළට යෑම වැලැක්වීම සදහා කඩිනම් හා ස්ථිර වැඩ පිළිවෙළක් සකස් කිරීම, ජංගම දුරකථන සංඥා වැලැක්වීමේ නවීන තාක්ෂණ උපකරණ බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සවි කිරීම, බුස්ස බන්ධනාගාරය තුළට ඇතුළු වන සියලුම නිලධාරීන් හා රැදවියන් පරීක්ෂා කරනු ලබන්නේ විශේෂ කාර්යය බලකා නිලධාරීන් වන බැවින් බන්ධනාගාර නිලධාරීන් කිසිදු පරීක්ෂාවකට ලක් නොවේ. එසේ හෙයින් මෙම සියලු නිලධාරීන් පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම, බන්ධනාගාරයේ පරීක්ෂා කිරීම් හා තහනම් ද්‍රව්‍ය ඇතුළුවීම සහ බන්ධනාගාරයේ ආරක්ෂාව සදහා විශේෂ කාර්ය බලකාය යෙදවීම සම්බන්ධයෙන් ඇති නීතිමය ගැටළු හා පරිපාලන ගැටළු විසදීම සදහා බන්ධනාගාර නිලධාරින්, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය, පොලිස් විශේෂ කාර්යය බලකාය, රාජ්‍ය බුද්ධි සේවය, ආරක්ෂක අමාත්‍යාංශය,මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශ නීති අංශ, යන සියලු අංශ කැදවා බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පරිපාලන ගැටළු විසදීම සදහා සාකච්ඡාවක් පවත්වා නිසි ආරක්ෂක ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කිරීම ඇතුළු නිර්දේශ 11 කින් සමන්විතව කමිටු වාර්තාව පිටු 74 කින් යුතුව ඉදිරිපත් කර තිබේ.
සම්පත් දේශප්‍රිය – (0714884539)
අධිකරණ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්