ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සදහා ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය මෙන්ම සාගර කලාපය දූෂණයෙන් තොරව පවත්වාගෙන යාම අතිශයින් වැදගත් වේ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන වගකීමක් දරණ රාජ්‍ය ආයතනයක් වශයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හැදින්විය හැකිය. මේ වනවිට අධිකාරියේ සභාපති අසේල බී රැකව මහතාගේ උපදෙස් මත වෙරළ හා සාගර කලාප දූෂණයෙන් තොරව පවත්වාගෙන යාම සදහා කඩිනම් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතින අතර මෙම වැඩසටහන් වඩාත් ක්‍රමවත්ව ඉදිරියට ගෙනයාම සදහා මේ හා සම්බන්ධ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානයන්හී සගයෝග අත්‍යවශ්‍ය වන බැවින් එම ආයතන සමග සහයෝගයෙන් අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් පවතී. ඒ යටතේ වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද යෝජනාවලියක් සකසා ඇත. මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානිය හා ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති හා වැඩසටහන් පිලිබදව අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා විසින් පැහැදිලි කරන ලදී. ඒ අනුව

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද වැඩසටහන සහ යෝජනාවලිය

වෙරළ හා ධීවර වරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා හඳුන්වා දෙනු ලබන සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Mobile Application)

නිලධජ වෙරළ (ස්ථාපිත කිරීමේ ) ව්‍යාපෘතිය – Blue Flag Beach

හදිසි තෙල් විසිරීමකදී හෝ රසායනික ද්‍රව්‍ය විසිරීමකදී ක්‍රියාත්මක ජාතික සැලැස්ම (NOSCOP) යාවත් කාලීනකිරීම සහ ඒවැනි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මේ වනවිට ස්ථාපිත කරමින් පවතින මෙහෙයුම් මැදිරිය (Operation Room) යන ව්‍යාපෘති හා වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිලිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.
සාගර සහ වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගනිමින් තිරසර සාගර සහ වෙරළ කලාපයක් සහතික කිරීම සදහා වගකීම් පැවරී ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු සියලු ආයතන කැපවිය යුතු බවට සාගල රත්නායක මහතා විසින් මෙහිදී පෙන්වාදුන් අතර එම කටයතු වඩාත් පහසුකර ගැනීමට මෙම නව ජංගම යෙදුම පිටිවහලක් වනු ඇති බවට සඳහන් කළේය.

එමෙන්ම වෙරළ පවිත්‍රතා වැඩසටහන් මෙන්ම වෙරළ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව දැනට ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කිරිමේ අවශ්‍යතාව ද පෙන්වා දුන් සාගල රත්නායක මහතා වෙරළාශ්‍රිත කලාපයන්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එය මනා දායකත්වයක් වනු ඇති බවද තවදුරටත් පෙන්වාදෙන ලදී.

ගංගා, ඇල දොළ මාර්ගයෙන් ගලා එන අපද්‍රව්‍ය , දිගු මුදාහැරීමේ නළ මාර්ග ඔස්සේ මල අපද්‍රව්‍ය හා අප ජලය මුදාහැරීම මෙන්ම ධීවර වරායන් ආශ්‍රිතව ඉවත ලන අපද්‍රව්‍ය හා වෙනත් ගොඩබිම් ක්‍රියාකාරකම් මගින් වෙරළ හා සාගර සම්පත් දැඩි ලෙස අපවිත්‍ර වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පෙන්වා දුන් අතර විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වී මෙන් එම වෙරළ පවිත්‍රතා වැඩසටහන් සිදු කෙරෙන බවත්, එම කටයුතු මනා ලෙස සම්බන්ධීකරණය කිරීම සදහා මෙම ජංගම යෙදුම භාවිතයට ගැනීමට අපේක්ෂා කරන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති අසේල බී රැකව මහතා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදි

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද යන මහත්වරු , නාවික හමුදාපති, පොලිස්පති අතුලු ආරක්ෂක අංශ ප්‍රධානිහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න