ඉතිහාසයද, වර්ථමානයද එසේය. එය අනාගතයේද එසේම විය හැකිය. එයට ලගම සහ හොදම උදාහරණය රුසියාවේ පුටින් ය. බටහිර ගැති රූකඩ රුසියානූ නායකයෙකු වූ මිහායිල් ගොර්බචොප් විසින් එවකට ලෝකයේ මහාවලවතුන් දෙදෙනාගෙන් එක රටක් වූ රුසියාව උස්සා පොළොවේ ගැසුවේ පෙරස්ත්‍රොයිකාව නැමැති බටහිර පක්ශක්ග්‍රාහී ආන්ඩුකරනය නිසාවෙනි. එයම හේතුවක් කරගනිමින් රුසියාව කඩාගෙන වැටුනාය. ඇමරිකාව විසින් වැට්ටුවා යැයි කීම නිවැරදිය. වසර 2000 ට පෙර රුසියානු ප්‍රකෝටිපතියන් ඔවුන්ගේ දියණියන්, බිරින්දෑවරුන් මුදලට විකුණා ආහාර ලබාගත් තරමටම රුසියාව බිමටම වැටුණ බව අප අසා තිබේ. වසර 2000 ට පෙර ලෝකයේ බොහෝරටවල වීදිගනිකාවන් වැඩිවශයෙන්ම පිරී සිටියේ රූමත් රුසියානු කාන්තාවන්ගෙන් ය. අප රටේ ද බොහෝ නාගරික ප්‍රදේශවල රුසියානු වීදිගනිකාවන් බහුලව සිට් බව මතක ඇතැයි සිතමි.එසේ තිබූ රුසියාව අද ලෝකයේ මහාබලවතා ලෙස පෙනී සිටින ඇමැරිකාවට කෝචොක් කිරීමට තරම් ප්‍රභල ස්ථානයකට ගෙන ආවේ වසර 20 කට වඩා නිවැරදි මාවතක ගමන් කල පුටින් නිසාමය.අප රටේද ඉතිහාසයේ වසර 15කට වඩා එක දිගට රාජ්‍ය පාලනය කල දුටුගැමුණු, පරාක්‍රමබාහු , වැනි රජවරුන් අප රට සස්‍රීක කළෝය. දැන් කල මෙන් ඒ කාලයේ රජකම වසර 10 කට ව්‍යවස්ථාව කින් සීමාකර තිබුනා නම් කිසිදිනෙක අප මෙතරම් උදාර ජාතියක් ලෙස ලෝකයේ නගාසිටීමට උරදුන් දුටුගැමුණු රජුට ද නොහැකි වනු ඇත.එම උදාහරනයම මහින්ද රාජපක්ෂ නම් ලංකාව අවසන් වශයෙන් එක්සේසත් කල රජතුමාට ද මනාලෙස නොගැල පේද? අපගේ 22 වෙනි වතාවක් කඩමින් හදමින් පැලැස්තර දමමින් තිබෙන මේරටට කිසිසේත්ම නොගැලපෙන ව්‍යවස්ථා අටමගල අපට ගැලපෙන අයුරින් නැවත පිළියෙල කරන තුරු කිසි දිනෙක පුටින් කෙනෙක් හෝ රුසියාවක් බිහි නොවනු ඇත. කිසිම දිනෙක දුටුගැමුණු සමයේ පැවති සමුර්දමත් ලංකාවක් බිහි නොවනු ඇත.🙏බණ්ඩාර බටුවැවේගෙදර2024.03.18

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න