ආණ්ඩුවෙන් අනුර ඝාතනය කරන්න හදනවා කියලා අනුකම්පාවක් ගන්න මෙම බාල උත්සාහය මගින් තහවුරුවෙන්නේ ‘මාලිමාව රැල්ල’, වැල්ලේ හැපෙමින් තිබෙන බවයි.


අනුර දිසානායක ඝාතන කුමන්ත්‍රණයක්..! සැලසුම් දෙකක් මෙන්න..!
-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.01, ප.ව.11.45) ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති, එමෙන්ම මේ වන විට සියළුම ජනමත පුරෝකථන සමීක්ෂණ මගින් 50% සීමාව ඉක්මවා ඇති අනුර කුමාර දිසානායක ඝාතනය කිරීමට රට තුල ක්‍රියාත්මක වන පාර රාජ්‍යයේ (Deep State) කණ්ඩායමක සැලසුම් දෙකක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළිදරව් වී තිබේ.

ඝාතනය සිදුකිරීමට යන්නේ හදිසි අනතුරක ලීලාවෙනි. එහි පෙරහුරුවක් ලෙස ක්‍රියාත්මක කළ මෙහෙයුම නම් රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට මරු කැඳවූ රිය අනතුරයි. සනත් නිශාන්තගේ බිරිඳ මේ වන විටත් එකී අනතුර ගැන සැක පහළ කරමින් පරීක්ෂණයක් සිදුකරන ලෙස සීඅයිඩියට පැමිණිලි කර තිබේ. ඒ අනුව එවැනිම අනතුරක් අධිවේගී මාර්ගයක දී අනුර දිසානායකට ද සිදුකිරීම එක් ආකාරයකි.

දෙවැනි ආකාරය නම් අනුර දිසානායක ගමන් ගන්නා හෙළිකොප්ටරයක් ගුවනේ දී විනාශ කිරීමයි. ඒකාන්තයෙන්ම ජනාධිපතිවරණ කැම්පේන් එකක දී ජනාධිපති අපේක්ෂකයෙකුට හෙළිකොප්ටරයක් භාවිතා කිරීමට සිදු වේ. අනුරට ද හෙළිකොප්ටරයක් භාවිතා කිරීමට සිදුවනු ඇත. එයට ද පෙරහුරුවක් ලෙස සිදුකරන ලද්දේ එවක මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අෂ්රොෆ්ට මරු කැඳවූ හෙළිකොප්ටර් අනතුරයි. එයද පාර රාජ්‍යයේ පිරිස් විසින් සැලසුම් කරන ලද්දකි. එහිදී සිදුකරන ලද්දේ හෙළිකොප්ටරයේ ප්‍රොප්ලර් එක ඩැමේජ් කිරීමයි. ගුවනේ දී ප්‍රොප්ලරය අක්‍රිය වීමෙන් පසු හෙළිකොප්ටරය පාලනය කර ගැනීමට නියමුවාට නොහැකි වනු ඇත.

මේ ඝාතන අකාර දෙකේ දීම පාර රාජ්‍යයේ ඝාතන සැලසුම්කරුවන්ට අනුර දිසානායකගේ අභ්‍යන්තරයේ සහායක් ලබා ගැනීමට සිදුවනු ඇති අතර මේ වන විටත් ඒ සඳහා අදාල පිරිස් අනුරගේ අභ්‍යන්තරයට රිංගවා ඇතැයි ද වාර්තා වේ.

-LeN අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාවකි

https://pfpnews.lk/2024/03/06/post_id=5346/

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න