පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යසථානයේ පසුගිය සමයේ දිගින් දිගටම ඇතිවූ ගැටුම් සහ රැඳවියන් පලායාමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත්කල කමිටුවේ වාර්තාව එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා විසින් අද (2024.03.01) දින අධිකරණ අමාත්‍යවරයා වෙත බාරදෙන ලදී.
මෙම අවස්ථාවට කමිටු සාමාජික අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ එස් සපුගස්වත්ත මහතාද එක්විය.