මේ වසර මැතිවරණ වසරක් වේවි. අපි කිසිවිටකත් මැතිවරණ කල් දාන්නෙ නෑ ‌නියමිත කාලයට ජනාධිපතිවරණය, මහමැතිවරණය වගේම ඉතිරි මැතිවරනත් පවත්වන්නට කටයුතු කරනවා.

අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි..

ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පලකලේ ජාතික ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් සංහිඳියා උපදේශණ කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්‍ත්‍රික්කයේ උපදේශණ කමිටු පිහිටවීම 2024.02.24 දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකට සහභාගී වෙිමිනි.

මෙහිදී පත්කරගන්නා ලද උපදේශකවරුන් වෙත පත්වීම ලිපි ලබාදීම සිදුවූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මීට අවුරුදු ඒකහමාරකට පමණ පෙර මේ රට වැටෙන්න ඹ්න අඩියටම වැඩුණු බවයි. ඒ් වෙලාවේ මේ රට භාරගන්න කෙනෙක් හිටියෙ නැහැ. අපි කිහිප දෙනෙක් ඒකතුවෙලා මේ ආණ්ඩුව පිහිටුවලා අවශ්‍ය තීන්දු තීරණ අරගෙන කටයුතු කරපු නිසා රට වර්තමාන තත්වයට පත්කරගතන පුලුවන් උනා. ඒ්කෙන් කියන්නේ නෑ සියළු දේවල් සාර්ථකයි කියලා. මේ රට නියම මගකට ගන්න අපිට තව කරන්න දේවල් තියනවා. වෙනත් කිසිදු ආණ්ඩුවකින් නොකරපු ප්‍රමාණයක් නීති සංශෝධන අපි ගෙනාවා. අණ පනත් සම්මත කලා. ඉදිරියටත් රටක් ලෙස ඉදිරියට යන්න ඹ්නකරන ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ් වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන්ම අපි නියමිත කාලවල ජනාධිපතිවරණය, මහමැතිවරණය වගේම ඉතිරි මැතිවරණත් පවත්වනවා. අපි ඡන්ද කල්දාන්නෙ නෑ. ඒතකොට පුළුවන් මහජනතාවට තීරණය කරන්න මේ රට කාටද භාරදෙන්න ඹ්න කියලා. ජනතාව ඒ්වෙලාවට නිසි තීන්දුවක් ගනිවි යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනෙිසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ,  මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන් මිය, ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න