කැඩුණු – බිදුණු – සිතින් උපන් සෝභානුරාවය 2024 ගායන අභිෂේක ප්‍රසංගය , 11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උලෙළ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැල්මඩුල්ල ලෙල්ලොපිටිය Silver Ray හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති පැල්මඩුල්ල රිල්හේන පිහිටි මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ අති පුජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සෝභානුරාවය 2024 ගායන ප්‍රසංගය , 11 වන මිතුරු මිතුරෝ යහපත් අමද්‍යපික ජාතික සම්මාන උලෙළ සංවිධානය කර තිබු අතර, කුරුවිට, ගම්පහ සහ පිලියන්දල ප්‍රදේශවල මිතුරු මිතුරෝ විශෝදන මධ්‍යස්ථාන තුනක් පිහිටුවා ඇත.
එම මධ්‍යස්ථානවල විශෝදනය වු තරුණයින් අතර පවත්වන ලද ගායන තරගයෙන් අවසන් වටයට තේරී පත් වු තරගකරුවන් අට දෙනා අතර ජයග්‍රාහකයා තෝරා පත් කර ගැනීමේ අවසන් මහා තරගය සෝභානුරාවය 2024 ගායන ප්‍රසංගය යටතේ පැවැත්විණි. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක නවරත්න ගමගේ, ප්‍රවීණ ගායන ශිල්පීනි නිරංජලා සරෝජනී, ගියන ශල්පී රොහාන් ශාන්ත බුලේගොඩ, විශාරද සුර්යා දයාරුවන්, විශාරද රනිල් මුදුන්කොටුව යන මහත්ම මහත්මීන් අවසන් මහා තරගයේ විනිශ්චය මණ්ඩලය වශයෙන් කටයුතු කරන ලදී.
සෝභානුරාවය 2024 ප්‍රසංගය සදහා දායකත්වය ලබා දුන් අය සදහා ඇගයීම් සම්මාන ප්රදානය සිදු විය.
විශෝදනලාභීන් ඇගයීම ද මෙහිදී සිදු වු අතර, සබරගමුව පළාත් ආණ්ඩුකාර නීතිඥ, නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතීඥ, තලතා අතුකෝරළ, හිටපු කථානායක දේශබන්ධු කරූ ජයසුරිය,වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, K.D.U.සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ සමන් උපසේන යන මහත්ම මහත්මීන් රත්නපුර මැණික් ව්‍යාපාරිකයින්, පතල් හිමිකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මිතුරු මිතුරෝ සංසදය තුළින් පුනරුත්ථාපනය වු ගායන ශිල්පී විරාජ් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ඇවලාන්ච් සංගීත කණ්ඩායම අවසන් මහා තරගය සදහා සංගීතය සැපයු අතර, සෝභානුරාවය 2024 ගායන තරගයේ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා වු ඉෂාර දිල්ශාන් ජයග්‍රාහී කුසලානය පිරිනැමීම අධිකරණ අමාත්‍යතුමා අතින් සිදු විය.
දෙවන ස්ථානය සෙනේශ් සංකල්පට හිමි වු අතර, තෙවන ස්ථානය අමිල උදාරට හිමි විය. විනිශ්චය මණ්ඩලය සදහා ඇගයීම් සම්මාන පිරිනැමීම ද සිදු විය.
මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සදහා මිතුරු මිතුරෝ සංසදය 1987 වසරේ ආරම්භ කර ඇති අතර, මේ වන විට පහළොස් දහසක් පමණ පුනරුත්ථාපනය කර තිබේ.
ප්‍රවීණ නිවේදක නජිත් මාතරගේ නිවේදන කටයුතු සදහා දායකත්වය ලබා දී තිබුණි. ඇවලාන්ච් සංගීත කණ්ඩායමේ පළමු සංවත්සරය සැමරීම මෙහිදී සිදු වු අතරම, ඔවුන්ගේ නවතම වීඩියෝව එළි දැක්වීම ද සිදු විය.