76 වන නිදහස් ජාතික දිනයට සමගාමීව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය , ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම අනුව මහරගම විපශ්‍යාරාම විහාරස්ථානයේ සංවිධානය කර තිබු ලේ දන්දීම, වෛද්‍ය සායනය, නොමිලේ නීති උපදෙස් ලබාදීම, නොමිලේ ඇස් පරීක්ෂා කර ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩ සටහන් ආරම්භ කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ (2024.02.03) පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේද සදහන් කළේය.
වසර හාරසීය පනහක පමණ කාලයක් යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට යටත්ව තිබු අපේ රටට ඩී.එස්.සේනානායක මැතිතුමා ඇතුළු ජාතික ආගමික නායකයින් එක්ව ජීවිත පරිත්‍යාගයෙන් ගෙන ගිය සටන නිසාවෙන් ලෝකයා ඉදිරියේ නිදහස් නිවහල් ජාතියක් බවට පත් වුණා. මේ වන විට නිදහස ලබා ගෙන වසර 76 ක් ඉක්ම ගොස් තිබෙනවා. පසුගිය වසර හතරක පමණ කාලය තුළ කොවිඩ් වසංගතය, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, ආර්ථික හා දේශපාලන අර්බුදය වැනි කරුණු නිසාවෙන් ඇති වු තත්වයන් සමග මේ රට ආරාජික වුණා. රට භාර ගැනීමට කිසිම නායකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. 75 වන නිදහස් දින උත්සවය සමරන අවස්ථාව වන විට මේ රට පැවතියේ ඉතාමත් අවාසනාවන්ත තත්වයකයි. එදා රට භාර ගැනීමේ අභියෝගය කිසිවෙක් භාර නොගන්නා අවස්ථාවක වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු අප අරාජික වු රට භාර ගත්තා. එදා රට අරාජික වු අවස්ථාවේ රට භාර නොගත්තා නම් ලිබියාව වැනි තත්වයට රට පත් වෙන්න ඉඩ තිබුණා.

වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මාස දහ අටක පමණ කාලය තුළ ආර්ථික පරිවර්තනයක් කරා මේ රට ගෙනවිත් තිබෙනවා. 76 වන නිදහස් දිනයෙන් ආරම්භ වන වසර තුළ ජනතාවගේ දුක් ගිනි නිවන සෞභාග්‍යය උදා කරන වසරක් බවට පත් වනු ඇති බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
මහරගම විපශ්‍යාරාමාධිපති , රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මහකුඹුක්වැවේ චන්දානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍ය උත්සව සංවිධානය කර තිබුණී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ආර් පීරිස්, මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩයස් යන මහත්වරුන් ඇතුළු හිටපු නාගරික මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. තෝරාගත් පාසැල් සිසු සිසුවියන් සදහා පාසැල් උපකරණ බෙදාදීම ද මෙහිදී සිදු විය.
නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු ලේ දන්දීම, වෛද්‍ය සායනය, නොමිලේ නීති උපදෙස් ලබාදීම, නොමිලේ ඇස් පරීක්ෂා කර ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩ සටහන් දිනය පුරා පැවති අතර, සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පිරිත් දේශනයක් හා පසුදින මහා සංඝ රත්නය උදෙසා දානමය පුන්‍ය කර්මයක් ද සංවිධානය කර තිබුණී.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න