අභියෝග රැසකට මුහුණ දී සිටි අපි 76 වන ජාතික නිදහස් දිනය සමරනු ලබන්නේ ඉන් අත් මිදෙමින් නීතියේ ආධිපත්‍යය අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු වු ආර්ථික සංවර්ධන ඉලක්ක ජය ගනිමින් සිටින කාල පරිච්ඡේදයකය. 75 වන නිදහස් දිනය සමරන ලද අවස්ථාව වන විට ජාතියක්  ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගැටළු රාශියකට මුහණ දී සිටි අතර, බිද වැටුණු නීතියේ ආධිපත්‍ය හා ආර්ථිකය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ  යථා තත්වයට පත්වෙමින් තිබීම සතුටට කරුණකි. පෞඩ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප අතීතයේ සිටම විවිධ අභියෝගයන්ට මුහුණ දුන් ජාතියක් වන අතර, ඒ සියලු අවස්ථාවන්වල එම අභියෝග ජය ගැනීමට සමත්ව තිබේ. පසුගිය කාලය පුරාවට බිද වැටිණු නීතියේ ආධිපත්‍යය ආර්ථික හා දේශපාලන වශයෙන් සිදු වු පරිහානිය නැවත ඇති නොවීම සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු කර තිබේ. යල් පැනගිය නීති වර්තමානයට ගැළපෙන පරිදි යාවත් කාලීන කර ඇති අතර, දුෂණය, අක්‍රමිකතා වංචාව මුලිනුපුටා දැමීමට අවශ්‍ය නීතී අණ පනත් සම්මත කිරීමට හැකිවීම නිදහස් හා නිවහල් ජාතියක් ලෙස ඉදිරියට යාමට වෙනුවෙන් අප ලැබු ජයග්‍රහණයකි. පසුගිය දෙවසරක කාලය තුළ නව පනත් 40 කට වඩා වැඩි සංඛ්‍යාවක් සම්මත කර ඇති අතර, ඒවායෙහි යහපත් ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දුන් ණය සහන ලබා ගැනීමටත්, ජාත්‍යන්තර වශයෙන් වශයෙන් බිද වැටී තිබු ප්‍රතිරූපය ඉහලට ඔසවා තැබීම සදහාත්,  අධිකරණ අමාත්‍යාංශය විසින් සම්මත කරන ලද අණ පනත් ප්‍රධාන වශයෙන් ඉවහල් විය. ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය මෙන්ම ජාතීන් අතර සමගිය සංහිදියාව සංවර්ධනයේ මං පෙත් විවර කර ගනු පිණිස අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සදහා  ග්‍රාමීය වශයෙන් සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා ග්‍රාම සේවා වසම් තුළ ජාතික සංහිදියා කමිටු පිහිටුවීමට කටයුතු කර තිබේ.

ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර දේශයක් බවට පත්ව ඇති 76 වන නිදහස් දිනය සමරනු ලබන මේ අවස්ථාවේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වු දියුණු දේශපාලන, ආර්ථික හා සමාජයීය නිදහස අත් විදින ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවීමට අදිටන් කර ගනිමු.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න