ලෝක සාමය උදෙසා ථේරවාදී භික්ෂුන් වහන්සේලාගේ වත්මන් කාර්යභාරය පිළිබදව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් යුරෝපයේ ශ්‍රි ලාංකික භික්ෂු සංගමයේ දෙවන සැසිවාරය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පස්වරුවේ (29) පැවැත්විණි.
මෙහි පළමු සමුළුව 203 වසරේ මැයි මාසයේදී යුරෝපා රටවල් 12 වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ඔස්ට්‍රියාවේ වියානා නුවරදී පැවත්විණි.
යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ සභාපති, ඕස්ට්‍රියාවේ වියානා නුවර ඥාණමෝලි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යුරෝපා මහාද්වීපයේ ධර්ම සංඝනායක, ආචාර්ය, විජයරාජපුර සීලවංස නායක ස්වාමීන් වහන්සේගේ මුලිකත්වයෙන් මෙම සැසිවාරය පැවති අතර, යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ තේමා ගීතය ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු විය.
යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ උප සභාපති, ඉතාලියේ ප්‍රධාන සංඝනායක, අම්බලන්ගොඩ ථේරපුත්තාභය විහාරාධිපති, වගේගොඩ සීලානන්ද නායක ස්වාමීන් වහන්සේ, යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ සමාජික, මැලේසියාවේ ප්‍රධාන සංඝනායක, පුජ්‍ය බෝදාවත්තේ සරණංකර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු යුරෝපා රටවල වැඩ වාසය කරන ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ, මෙහෙණින් වහන්සේලා, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය, විදුර වික්‍රමනායක, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, තාරක බාලසුරිය, දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය, නීතිඥ, සිසිර ජයකොඩි , හිටපු ක්‍රිඩා අමාත්‍ය, රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
යුරෝපයේ වර්තමානය වන විට බෞද්ධ විහාරස්ථාන 50 ක් පමණ පවතින අතර, ශ්‍රී ලංකාව පිළිබදව යහපත් ආකල්පයක් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන යුරෝපීය තානාපතිවරුන් තුළ ඇති කිරීම ද මෙම සැසිවාරයේ අරමුණක් විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න