පාසැල් ළමුන් අතර කෙමෙන් වැඩි වැඩියෙන් ලාදුරු රෝගීන් හදුනාගන්නා අතර මීට වැඩි සහායක් අධ්‍යාපන අමත්‍යාංශයෙන් ලැබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් M ආනෝල්ඩ් මහතා කියයි. බස්නාහිර පලාතේ ළමා ලාදුරුරෝගීන් 69 ක් වාර්තා වුනා. බස්නාහිර පලාතේ එම ව්‍යාපෘතිය ඉහලයි.බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි වෛද්‍ය ධම්මිකා මහත්මිය පවසයි.

වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය

ලාදුරු මර්දන ව්‍යාපාර යේ චර්ම රෝග පිලිබද වි වෛද්‍ය ඉන්දිරා කහවිට පවසන්නේ ආර්ථික ප්‍රශ්න නිසා ලාදුරු පරීක්ෂාවට වැඩිහිටියන් පැමිණීමේ අඩුවක් තිබිය හැකි බවයි.නමුත් දරුවන් ප්‍රතිකාර වලට ගෙන එන නිසා ඔවුන් හදුනා ගනී.ලෝක මට්ටමට වඩා වැඩියෙන් අපි දරුවන් ට තිබෙන ලාදුරු හදුනා ගනිමින් සිටිමු.වැඩිහිටියන් බොහෝ සංඛ්‍යාවක් ප්‍රතිකාර නොලබමින් සමාජයේ රැදී සිටීමට ඉඩ තිබේ…එය ගැටලුවක් බව වෛද්‍ය ඉන්දිරා කහවිට පවසයි.

ලාදුරු රෝගය තුරන් කිරීමේ නව වැඩ පිළිවෙලක් අරඹන බව සෞඛ්‍ය ලේකම්.කියයි.

ගැබ්ගෙල පිළිකා හදුනා ගැනීමට ද නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඊයේ සිදුවුනා.. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු කාර්‍ය මණ්ඩල එක්ව වැඩ කලොත් විතරයි මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්න විසදීමට හැක්කේ බිලියන407 ක අරමුදල් සෞඛ්‍ය ක්ෂේත්‍රය ට ලබාදී තිබෙනවා. සෞඛ්‍ය ලේකම්.කියයි..

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න