ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය විසින් යාපනය දිස්ත්‍රික්කය මුලික කර ගනිමින් සංවිධානය කර ඇති සංහිදියාව වැඩි දියුණු කිරීමේ වැඩ සටහන් සදහා සහභාගි වන අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පෙරවරුවේ (16) තල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරමින් ජීවත් වන චාවකච්චේරි ප්‍රදේශයේ ජනතාව හමු වී ඔවුන්ට පවතින ගැටළු පිළිබදව විශේෂ සාකච්ඡාවකට එක් විය. (2024.01.16)
චාවකච්චේරි මොහාන්දාස් ජනතා මධ්‍යස්ථානයේ මෙම සාකච්ඡා පැවති අතර, චාවකච්චේරි ජනතාවට පවතින නීතිමය ලේඛන ලබාදීම සදහා ජංගම සේවයක් පැවැත්වීම, තල් ආශ්‍රිත නිෂ්පාදන සදහා තවදුරටත් පුහුණුව ලබාදීම, එම ජනතාවගේ තල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම හා ප්‍රදේශය හරහා ධාවනය වන බස් රථයේ ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම ආදී ගැටළු පිළිබදව සාකච්ඡා විය.
ප්‍රදේශය හරහා ධාවනය වන බස් රථයේ ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම පිළිබදව ගැටළුවට එම අවස්ථාවේම ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාව දුරකථනයෙන් ඇමතීමෙන් විසදුම් ලබාදීමට අධිකරණ අමාත්‍යතුමා කටයුතු කරන ලදී.
සියලුම තල් කර්මාන්ත ආශ්‍රිත සමිති සම්බන්ධ කරමින් සංහිදියාව පිළිබදව විශේෂ වැඩ සටහන් පවත්වන ලෙස ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාල නිලධාරීන්ට අමාත්‍යතුමා උපදෙස් ලබා දුන්නේය.
තල් ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීම සදහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 43 ක් වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය විය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කුෂාන්ත පතිරාජ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් වුහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න