ග්‍රාමීය වශයෙන් ජාතික සංහිදියා කමිටු පිහිටුවීමේ වැඩ පිළිවෙළ යටතේ යාපනය දිස්ත්‍රික් සංහිදියා සමාජ උපදේශක කමිටු සාමාජිකයින් හට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (15) පස්වරුවේ යාපනය නාග විහාර බෞද්ධ මධ්‍යස්ථානයේදී අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
යාපනය නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී මීගහජදුරේ සිරිවිමල නායක ස්වාමින් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයින්ට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වී. ආනන්ද සංගරි මහතාට යාපනය දිස්ත්‍රික් සංහිදියා සමාජ උපදේශක කමිටු සාමාජිකයින් වශයෙන් පත්වීම් ලබාදීම මෙහිදී සිදු විණි.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වී. ආනන්ද සංගරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක් වුහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න