අභිනවයෙන් ඉදිකරන ලද කොළඹ වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නිරීක්ෂණ චාරිකාවක් සඳහා අද දින 2023.12.29 පෙරවරුවේ ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒක්විය.

මෙම වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නවීණ තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත වූ අතර සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට හැකි  ඉලෙක්ට්‍රොනික උපකරණ සහ දියුණු රට වල අධිකරණ පද්ධතියන් හි දැකගත හැකි අධිතාක්ෂණික උපකරණ දැකගත හැකි විය.

සාක්ෂි කූඩුව වෙනුවට ස්ථාපිත කර තිබූ සාක්ෂි ලබාදීමේ ආසනය ගරු අමාත්‍යතුමන්ගේ විශේෂ පරීක්ෂාවකට ලක්වීම මෙහිදී සියලුදෙනාගේ අවධානයට යොමුවිය.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ සහ කොළඹ වාණිජ මහාධිකරණයේ නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවකට ඒක්විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න