අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය අනුව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ලබාදී ඇති ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ හෙටට යෙදෙන ( 25) නත්තල් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත රැදවියන් 1004 දෙනෙකුට නිදහස ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
දිවයින පුරා පිහිටි බන්ධනාගාර විසි නවයකින් රැදවියන් නිදහස් කිරීමට නියමිත අතර, ඒ අනුව මාස එකේ සමාව ලබාදීම හේතුවෙන් රැදවියන් 149 දෙනෙකුට නිදහස ලබා දී තිබේ.
ගෙවමින් පවතින දඩය අහෝසි වීම මත රැදවියන් 487 දෙනෙකුට සහ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් ගෙවා අවසන්වීම මත රැදවියන් 368 දෙනෙකු නිදහස ලැබීමට නියමිතය.
වැඩිම රැදවියන් සංඛ්‍යාව පල්ලේකැලේ බන්ධනාගාරයෙන් නිදහස් වීමට නියමිත අතර එම සංඛ්‍යාව රැදවියන් 162 කි.
ජනාධිපති විශේස රාජ්‍ය සමාව යටතේ කාන්තා රැදවියන් 15 දෙනෙකු නිදහස ලැබීමට නියමිතව ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න