විවිධ ආගම් අදහනු ලැබුවද භාෂාවන් කථා කළ ද එකිනෙකාගේ ආගම්වලට භාෂාවන්ට ගරු කරමින් කටයුතු කළ යුතුයි.
අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයීය සුභ සාධක සංගමය වාර්ෂිකව සංවිධානය කරනු නත්තල් දින සැමරුම් උත්සවය සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 22) පස්වරුවේ අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
යේසුස් ක්‍රිස්තුත් වහන්සේගේ අසිරිමත් උපත සමරමින් ලොව පුරා නත්තල් උත්සව පැවැත්වෙන අවස්ථාවක ජාති ආගම් භේදයෙන් තොරව නත්තල් උත්සවය සැමරීමට කටයුතු කිරීම අගය කරනවා. ජාති ආගම් භේදයෙන් තොරව එකිනෙකාට ගෞරව කරමින් කටයුතු කල යුතුයි. අපේ රටේ ප්‍රධාන ආගම් සියල්ලෙහිම ඉගැන්වීම වන්නේ අවිහිංසාවාදීව කටයුතු කළ යුතු බවයි. ජාති ආගම් වශයෙන් බෙදී කටයුතු කිරීම තුළින් හිමි වු දෙයක් නැහැ. පසුගිය වසර හතරක පමණ කාලයක් ශ්‍රී ලාංකීයන් වශයෙන් අපට වෙසක් උත්සවය හෝ නත්තල් උත්සවය සැමරීමේ හැකියාවක් තිබුණේ නැහැ. විවිධ ආකාරයෙන් පසුගිය වසර දෙකක කාලය තුළ රටක් වශයෙන් ද අපි පසුබෑමට ලක් වුණා. පසුබෑමට ලක් වු රට නැවතත් යථා තත්වයට පත්වෙමින් තිබෙනවා. එවැනි අවස්ථාවක අපි ජාතී ආගම් ලෙස ශක්තිමත්ව එක් විය යුතුයි. සියලු ආගම්වලින් උගන්වනු ලබන්නේ පුද්ගලයා යහපත් තැනැත්තෙකු බවට පත් කළ යුතු ආකාරයයි. ආගම් රැසක ඉගැන්වීම් තුලින් පෝෂණය වී තිබියදීත් ඇතැම් පුද්ගලයින් කටයුතු කරනු ලබන්නේ ආත්මාර්ථකාමී පටු අදහස් වලින් යුතුවයි. ලෝකය ආගම් දහමින් තොර වුයේ නම් මිනිසා කුමන ආකාරයේ විය හැකිදැයි සිතා ගැනීමත් අපහසුයි. අප විවිධ ආගම් අදහනු ලැබුවද භාෂාවන් කථා කළ ද එකිනෙකාගේ ආගම්වලට භාෂාවන්ට ගරු කරමින් කටයුතු කළ යුතුයි.
අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් නත්තල් කැරොල් ගී ගායනය කළ අතර, නත්තල් සැමරුම් නාට්‍ය ඉදිරිපත් කිරීමද සිදු විය.

අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( පාලන) රෝහණ හපුගස්වත්ත, ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ අදහස් පළ කළ අතර, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක වන කමලනී ද සිල්වා යන මහත්ම මහත්මීන් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීම සදහා එක්ව සිටියහ.
නත්තල් සැමරුම් උත්සවයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් කිහිපයක් වෙනුවෙන් වියලි සලාක සහනාධාර බෙදාදීම ද සිදු විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න